gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජෙරම්ගේ බැංකු ගිණුම්වල කෝටි 1226ක්!

ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිඳියාව බිඳ හෙළන ආකාරයේ දේශන පැවැත්වීම සම්බන්ධයෙන් ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් යන අයට එරෙහිව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවලට අදාළව කටුනායක පිහිටි මිරකල් ඩෝම් ආයතනයේ ස්ථාපිත කර ඇති සීසීටීවී දර්ශන ඩයලොග් ආයතනයෙන් ඉල්ලා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ පෙරේදා (12) දන්වා සිටියා.

එම සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් යොමු කරමින් මේ බව දන්වා සිටියා.

ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වූවා.

අන්තර්ජාලය මඟින් අන්‍යාගමිකයන් හා ආගමික ඇදහිලි විවේචනය කරමින් ජාතීන් සහ අන්‍යාගමිකයන් අතර සංහිඳියාව බිඳ හෙළන දේශන පැවැත්වූයේ යැයි ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලදී මිනුවන්ගොඩ පාර, කටුනායක පිහිටි මිරකල් ඩෝම් ආයතනයේ ස්ථාපිත කර ඇති සීසීටීවී 267ට අදාළ ජුනි 18 සිට 25 දක්වා දර්ශන සම්බන්ධයෙන් එහි සේවකයන් දෙදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

මිනුවන්ගොඩ පාර, කටුනායක පිහිටි මිරකල් ඩෝම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 6100ක් වැය කරමින් පුද්ගලයන් 5000ට එකවර ආසන වෙන් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන අනාවරණය කර තිබෙනවා.

ෆාස්ටර් ජෙරොම් යන අයගේ පුද්ගලික ගිණුම්, ඔහුට අයත් පුද්ගලික ව්‍යාපාරයේ ගිණුම්, ඔහුගේ යාඥා සිදු කරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිඳ වන මෙලනි ඩයන් වැන්කියුලස්බර්ග් යන අයට අයත් රජයේ සහ පුද්ගලික බැංකු 12ක ගිණුම්වලට රුපියල් කෝටි 1226ක් ලැබී ඇති බවද අධිකරණයට ඉදිරිපත් කළ එම වැඩිදුර වාර්තාවේ දක්වා ඇත.

මෙම මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇති අතර, පසුගිය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා දේශන 10ක් මිරකල් ඩෝම් ආයතනයේ පවත්වා ඇති බවත් එහි තිබී සංස්කරණය නොකළ සීඩී තැටි දෙකක් සිය භාරයට ගත් බවත් එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka