gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

එජාප සංවත්සර කමිටුවේදී රවිගෙන් රංගේ බණ්ඩාරට බාල්දියක්!

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සංවත්සර කමිටුව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුවද හදිසියේම ජනාධිපතිවරයා වෙනත් කටයුත්තක් සඳහා නික්ම ගියද හමුව පැවැත්වුණා.

රුවන්,රවී ,අකිල,සාගල,රංගේ බණ්ඩාර ඇතුළු පිරිසක් හමුවට එක්ව සිටියා.

මෙහිදී රවී කතාව පටන් ගත්තා “පක්ෂ සංවත්සරයේ ආරාධනා පත්‍රයේ වැරද්දක් තියනවා මේකේ තියෙන්නේ 56 කියලා,මේක 77 වෙන්න ඕනා.”රවී පිරිස දෙස බලමින් කිවත් රංගේ දෙස බැලුවේ නැත.

ඊට හේතුව මහලේකම් තනතුරට රවිද ඇස ගසාගෙන සිටීමය.එම නිසා රවී මෙහි වැරද්දක් සෙව්වා වන්නට පුළුවන්.
“නෑ මේක 56 වැනි සම්මේලනය”රංගේ කිව්වා.

එහෙත් ඔහු රවී දෙස නම් බැලුවේ නැත.

අවසානයේ සිදුවුයේ සිරිකොත පාලන අංශයේ පැරණිම සාමාජිකාව වූ ඉවෝන්ට කතාකර සම්මේලන පොත ගේනවා ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමයි.

“ආරාධනා පත්‍ර 56 සහ 77 යන දෙකෙන්ම ගහලා තියනවා දැන් මේක වෙනස් කරන්න ගියොත් අමතර මුදලක් යනවා”රංගේ එහෙම කියද්දී රවී ඇතුළු පිරිසක් ඊට විරුද්ධ වුණා.

අවසානයේ පෝස්ටර් සහ ආරාධනා පත්‍ර 77 වැනි සංවත්සරය යනුවෙන් සටහන් කොට බෙදා දීමට කට්ටියම කැමතිවෙලා තියනවා.

දේශපාලන වාර්තාකරු


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka