gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිසිම දේශපාලන පක්‍ෂයක් වැඩක් නෑ... අලුත් එකක් අපි හදනවා... අවුරුද්දෙන් රට ගොඩ ගන්නවා - මිහින්තලේ හිමි

නිදහස ලැබීමෙන් පසුව මෙරට සියලු ජන කොටස් පීඩාවට පත් කරනු ලැබුවේ මේ දක්වා පැවැති පාදඩ දේශපාලනය බවත් රටේ ජනතාව වෙනුවෙන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයකු පෙනී නොසිටින බවත් එබැවින් එම ජනතාව වෙනුවෙන් ශිෂ්ටාචාරය හා විනය ආරම්භ වූ ඓතිහාසික මිහින්තලා පුද බිමෙන් නව නිදහස් අරගලයට මුලපුරන බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ (28 දා) මිහින්තලා රජමහා විහාරයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

නිදහස් අරගලය වෙනුවෙන් පවත්වනු ලබන සමුළුවට පෙර ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා බවත්, එළැඹෙන ඔක්තෝබර් මාසයේ 14 වැනිදා සවස 2.00 ට සිව් කොණේ සිටින භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හා ආගම් භේදයකින් තොරව සියලුම ගිහි පිරිසගේ සහභාගිත්වයෙන් එම සමුළුව ඓතිහාසික මිහින්තලා පුදබිමේදී පැවැත්වීමට කටයුතු කරන බවත් උන්වහන්සේ පැවසූහ.

රටේ ක්‍රියාත්මක වන විනයක් නොමැති අසංවර දේශපාලනය අවසන් කිරීමට සියලුම දෙනාටම ඒකරාශී වන ලෙස ඉල්ලීමක් කර සිටින බව ද ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ මෙහිදී වැඩිදුරටත් පැවසූහ.

ඔක්තෝබර් මාසයේදී මහා සඟ සමුළුවක් පවත්වා රටට අවැසි වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ නායකත්වයෙන් කටයුතු කරන බව මෙහිදී සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

සමාජ මාධ්‍ය වාරණ පනත වැනි විවිධ පනත් ගෙන එමින් රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රශ්න වසං කිරීමට කටයුතු කරන බවත් ඒ වැඩ පිළිවෙළවල් වහා හකුලා ගත යුතු බව පැවසූ උන්වහන්සේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ යෙදවීම වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරනුයේ උද්ඝෝෂණ හා මාධ්‍ය සාකච්ඡා වාරණය කිරීම පමණක් බවත් ඉන්දියානු ආක්‍රමණයට විරුද්ධව මෙරට ස්වජාතික ස්වයංපෝෂිත ආර්ථික රටාවක් සහිත වැඩ පිළිවෙළක් ඔක්තෝබර් මාසේ දී ඓතිහාසික මිහින්තලා පුද බිම මැද මළුවේ දී ජාතියට ප්‍රකාශ කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.


අදාළ සමුළුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා (28 දා) පැවැති මෙම මාධ්‍ය හමුව සඳහා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ආනන්ද සාගර, සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන, ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වෙල ශාසන රතන යන හිමිවරු ද අදහස් පළ කළහ.

මිහින්තලේ – රංග චතූ
– Divaina


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka