gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හරක් කටාට, සලිඳුට කුඩු නැතිවම බෑ...! අටපාරක් සිර මැදිරියෙන් කුඩු මාට්ටු!

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි රැකවරණය යටතේ සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් දෙදෙනෙකු වන හරක්කටා සහ කුඩු සලිඳු රඳවා සිටි රැඳවුම්වල සඟවා තිබී අට වතාවක්ම හෙරොයින් සොයාගැනීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුවී නොමැති බව හෙළිවී ඇත.

හරක්කටා සහ කුඩු සලිඳු මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූවන් වන අතර ඔවුන්ගේ පරිභෝජනය සඳහා දූෂිත පොලිස් නිලධාරීන් කීපදෙනෙකු විසින් මෙම හෙරොයින් පැකට් ලබාදෙන්නට ඇති බවට සැක පහළ කරයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා රඳවා සිටින සිර මැදිරිවල සහ වැසිකිළිවල සඟවා තිබියදී මෙම හෙරොයින් පැකට් වරින් වර හමුවී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසීය.

හරක්කටා සහ කුඩු සලිඳු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි කාලයේ මෙම හෙරොයින් පැකට් හමුවී ඇති බව පැවසේ.

කිසිදු පිටස්තර පුද්ගලයෙකුට ඇතුළුවීමට නොහැකි ලෙස දැඩි ආරක්‍ෂාවක් යටතේ මෙම අපරාධකරුවන් දෙදෙනා සිරමැදිරි වල රඳවා සිටියදී මුණගැසීමට හැකියාව ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පමණක් බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

හරක්කටා සහ කුඩු සලිඳු සමග සමීප සබඳතා පැවැත්වූ බවට සැකකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් කීපදෙනෙකු මෙම කුඩු පැකට් මොවුන් වෙත ගෙන යන්නට ඇති බවට සැක කෙරේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා එහි ඇතැම් නිලධාරීන්ට රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදී ඇති බවටද මේ වනවිට චෝදනා එල්ල වී තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමේ සැලසුම සඳහා හරක්කටා ට උපකාර කළ කොස්තාපල්වරයාට පමණක් රුපියල් කෝටියකට අධික මුදලක් සහ විවිධ වටිනා භාණ්ඩ ලබාදී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

මූලාශ්‍රය – දිවයින


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka