gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හරක්කටා එක්කම CID කොස්තාපලුත් ඩුබායි පනින්න ඉඳලා - උදව් කරනවාට කෝටියක් අරන්!

ආරක්‍ෂකයන්ට වෙඩිතබා අත්අඩංගුවෙන් මිදී පලායෑමේ සැලසුමට හරක්කටාට උපකාර කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයා එසේ කර ඇත්තේ ඔහු සමග ඩුබායි රාජ්‍යට පැනගොස් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ අරමුණෙන් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ආරක්‍ෂකයන්ට වෙඩි තබා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් පසු හරක්කටා සහ කොස්තාපල්වරයා ආරක්‍ෂිතව රැගෙන යෑමට පාතාල සාමාජිකයන් පිරිසක් සුඛෝපභෝගී වාහනයකින් එම දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට රැඳී සිට ඇති බව ද මේ වනවිට අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායෑමේ සැලසුමට සහ තමාට කළ සෑම උපකාරයක් වෙනුවෙන්ම හරක්කටා මෙම කොස්තාපල්වරයාට වරින් වර රුපියල් කෝටියකට අධික මුදලක් ලබාදී ඇති බවද මේ වනවිට හෙළිවී ඇත.

සැකකාර කොස්තාපල්වරයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කර තිබේ.

හරක්කටාගෙන් ලබාගත් මුදල්වලින් රුපියල් විසිලක්‍ෂයක් සහ රුපියල් දහඅට ලක්‍ෂයක් අවස්ථා දෙකකදී කොස්තාපල්වරයා විසින් තම මවට ලබාදී ඇති බවද හෙළිවී ඇත.

ඊට අමතරව හරක්කටා විසින් මෙම කොස්තාපල්වරයාට ලැප්ටොප් ජංගම දුරකථන ඇතුළු තවත් වටිනා භාණ්ඩ රැසක් ලබාදී ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

මැඩගස්කරයේ සිට මෙරටට ගෙන ඒමෙන් පසු හරක්කටා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි අතර ඒ කාලසීමාව තුළ සැකකාර කොස්තාපල්වරයා මොහුව ඉතාම සමීපව ඇසුරු කර ඇත.

තමන්ට කරන උදව් උපකාර වෙනුවෙන් හරක්කටා මෙම කොස්තාපල්වරයාව ජපානයට යැවීමට මුලින් පොරොන්දු වී සිට ඇත.

හරක්කටා එසේ පොරොන්දු වී තිබුණේ ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් බන්ධනාගාරය වෙත යැවීමට අධිකරණය අවසර ලබාදෙනු ඇතැයි සිතාගෙනය.

එහෙත් අධිකරණය මගින් හරක්කටාට නැවත දින 90ක රැඳවුම් නියෝග ලබාදීමෙන් පසු කලබලයට පත් වී ඇති අතර ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයෙන් පලායෑමට සැලසුම් කර තිබේ.

එම සැලසුම අනුව ආරක්‍ෂකයන්ට වෙඩි තබා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලාගොස් ඩුබායි රාජ්‍ය වෙත පැන යෑමට හරක්කටා සහ කොස්තාපල්වරයා සැලසුම් කරගෙන සිට ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය, ත්‍රස්ත විමර්ශන ඒකකය ඇතුළු පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
දිවයින


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka