gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“රත්රන් සබ්රි“ ගේ තවත් මගඩියක් නිසා රජයට කෝටි 20ක පමණ පාඩුවක්!

පසුගියදා රු. කෝටි අටකට ආසන්න වටිනා රත්රන් සහ ජංගම දුරකතන තොගයක්  ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රු. ලක්ෂ 75ක දඩයක් නියමවු අලි සබ්රි රහීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධ තවත් මගඩියක් වාර්තා වේ.

ඊයේ (13) පැවති පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය වී ඇත්තේ මන්ත්‍රීවරයා විසින් වසර ගණනාවක් පුරා රජයට අයත් අක්කර 214ක භූමියක් අනවසරයෙන් භුක්ති විඳ ඇති බවයි.

එම ඉඩම පෞද්ගලික සමාගමක් නමිත් ලුණු නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇතැයි ද එහිදී අනාවරණය වී තිබේ.

වසර 14ක පමණ සිට මෙම ඉඩමෙන් රජයට බදු නොගෙවීම හේතුවෙන් රුපියල් කෝටි 20ක ආසන්න මුදලක් පාඩුවක් සිදුව ඇතැයි ද පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී හෙළිවී ඇත.

එසේම මේ පිළිබඳ අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙස නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දැනුම්දුන් බව පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මහතා පවසා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka