gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයේ නඩු විභාගයේදී හෙළිදරව් වූ ‘අබූ හින්ද්’ කව්ද? කෝ එයා ගැන හෙව්වද? කාදිනල් හිමියෝ අතිවිශේෂ හෙළිදරව්වක! (VIDEO)

පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ වූ ත්‍රස්ත කණ්ඩායමට, එම ප්‍රහාරය එල්ල කිරීම සදහා සහාය ලබා දුන් කණ්ඩායමක් පිළිබදව තොරතුරු තමන්ට ලැබී ඇති බව අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමියෝ පවසති.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටි, “අබු හින්ද්” නමින් හැදින්වෙන “පුද්ගලයෙකු” හෝ “පුද්ගල කණ්ඩායමක්” පිළිබදව තොරතුරු තමන් සතු බව කාදිනල් හිමි පවසයි.
 
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ, එක් සාක්ෂි කරුවකු විසින් “අබු හින්ද්” නමැති නම ප්‍රකාශ කළ විට, කොමිසමේ විනිසුරුවරුන් පස් දෙනාගෙන් එක් අයෙකු එම නම පිළිබදව, අදාල සාක්ෂිකරුගෙන් වැඩිදුරටත් තොරතුරු ඉල්ලා ඇති බව කාදිනල් හිමි පවසයි.
 
නමුත්, ඒ මොහොතේ කොමිසම සාක්ෂි විමසමින් සිට ඇත්තේ මාධ්‍යවේදීන් ද ඉදිරියේ සිටිය දී බැවින්, අදාල නම සම්බන්ධයෙන් වැඩිදුර තොරත-ුරු ප්‍රකාශ කළ නොහැකි බව එකී සාක්ෂි කරුවා, විනිසුරුට පවසා තිබේ.
 
ඒ අනුව, විනිසුරුවරයා විසින්, සාක්ෂි කරුවට කොළයක් දී, එකී නමට අදාල තොරතුර එම කොළ කැබැල්ලේ ලියාගෙන තිබේ.
කාදිනල් හිමි විමසා තිබෙන්නේ, මේ පිළිබදව විමර්ෂණ අරඹා තිබේද යන්නයි.
 
කෙසේ වෙතත්, කවුරු හඹා නොගියද, තමන් ඇත-ුළු කණ්ඩායම මෙම තොරතුරු පසුපස හඹා යන බවද කාදිනල් හිමියෝ පවසති.

එමෙන්ම, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම රජය හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවටද උන්වහන්සේ චෝදනා කරයි.

කටුවාපිය ශාන්ත සෙබස්තියන් දේවස්ථායේ පැවති ආගමික කටයුත්තකට සහභාගී වෙමින් කාදිනල් හිමියෝ මේ අදහස් පළ කර සිටියෝ ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka