gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බදු පිට බදු ගහලා වැලේ වැල් නැතිව ඉන්න මිනිස්සුන්ට තවත් අලුත්ම බදු දෙකක් එනවා! එකක් ධන බද්ද! අනෙක උරුම බද්ද!

ලබන වසරේ සිට නව බදු දෙකක් වශයෙන් ධන බද්ද සහ උරුම බද්ද හදුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි. බදු ආදායම රජය අපේක්ෂා කළ මට්ටමක නොපැවතීම මෙසේ නව බදු පැනවීමට හේතුවයි.

නව බදු පිළිබද යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ, රටේ මූල්‍ය තත්ත්වය පිළිබදව සොයා බැලීම සදහා අළුතින් පත්කරන ලද පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවක් මගිනි.

මෙම නව බදු අය කර ගැනීම සදහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමේ වගකීම මුදල් අමාත්‍යංශයට පැවරේ.

රාජ්‍ය වියදම රාජ්‍ය ආදායමට වඩා ඉහළ මට්ටමක පැවතීම, රජය මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි. මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා වූ කාලය තුළ රජයේ ආදායම් සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 1.24 කි.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka