gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බන්දුල හා මධූර කිඹුලාවල කඩ කඩන්න හදන්නේ පිටගම්කාරයෝ පන්නන්නද?

කෝට්ටේ – තලවතුගොඩ මාර්ගයේ ඉදිකර ඇති කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ඉවත් කිරීමට සැලැසුම් සකස් කරනු ලබන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හා පොහොට්ටු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් බවට එම කඩ හිමියන්ගෙන් චෝදනා එල්ලව ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ කඩ හිමියන් පිටගම්කාරයින් නිසා බවද පැවසේ.

මෙහි මේවන විට කඩ 24ක් පමණ ඇති අතර මීට පෙර ‌මෙහි කඩ 34ක් තිබී ඇත.

කඩ හිමියන් වැඩි පිරිසක් වෙනත් ප්‍රදේශවල සිට මෙතනට පැමිණ වෙළඳාම් කරන අය බවද පැවසේ.

මේවන විට එහි වෙළඳාම් කරනු ලබන Street Foods වෙළඳ සැල් හිමියන් විසින් සංගමයක් ද පිහිටුවාගෙන ඇති අතර ඉකුත් සතියේ ඔවුන් හා ජනාධිපතිතුමා අතර පැවැති සාකච්ඡාවකදී ඔවුන්ට එහි ජංගම කඩ පවත්වාගෙන යාමට අවසරයක් ලබාදී ඇති බවද පැවසේ.

කෙසේවුවද, ‌ඔවුන්ට අදාළ අවසරය ලබාදී ඇත්ත‌ේ ජංගම වෙළඳ සැල් පවත්වාගෙන යමින් රාත්‍රියට පමණක් වෙළඳාම් කිරීමටය.

ඒ අනුව තවත් දින 10ක් තුළ අදාළ ස්ථිර වෙළඳ කුටි ඉවත් කරගන්නා ලෙස මේවන විටත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම්දී ඇත.

එසේම ඔවුන්ට හෙට (13) මේ සඳහා වෙනත් විකල්ප යෝජනා ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස දක්වා තිබේ.

ශ්‍රී ලංකා මිරර් මේ සම්බන්ධයෙන් කිඹුලාවල STREET FOOD වෙළඳ සංගමයේ සභාපති සිසිර දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඔවුන් විසින් මේ කඩ හිමියන්ට ‌ සිය වෙළඳාම කරගෙනයාමට විකල්ප ස්ථානයක් ලෙස අපේ ගම පරිසරයෙන් කොටසක් මීට පෙර ඉල්ලා සිටි බවයි.

මුළින් ඒ සදහා ඒකඟතාවය ලබාදී පසුව ඉන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන බව කියමින් ඒය ප්‍රතික්ෂේප කළ බවයි.

කෙසේවුද, ඉකුත් සතියේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ”මේක මෙහෙම කරගෙන ගියොත් ලොකු ප්‍රශ්නයක්. මේක අයින් කරන්න ඕනෑ. ලොරි දාගෙන බස් දාගෙන පළාතේ ඉඩම් කෑලි අල්ලාගෙන. මේක මාෆියාවක් වගේ වෙලා තියෙන්නේ.” යැයි මධුර විතානගේ මන්ත්‍රීවරයා මේ කඩවලට සිය විර‌ෝධය පල කර ඇති බවයි.

මේ අතර විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද නීත්‍යානුකූලව මෙවැන්නක් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවට එහිදී කරුණු පැහැදිළිකර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka