මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා කටයුතු කළ සමයේ දී සිදු වූ තවත් දූෂිත ගනුදෙනුවක් (2012) සති අන්ත ෆයිනෑන්ෂියල් ටයිම්ස් සඟරාව හෙළිදරව් කර තිබුණා.
පසුගිය දා එම සඟරාව ''එක්සත් ජනපද රජය හැමිල්ටන් නඩුවට මැදිහත් වෙයි'' නමැති ලිපි ශීර්ෂය යටතේ අනාවරණය කර තිබුණේ, ඩොලර් මිලියන 257කට වැඩි බැඳුම්කර සහ පොලී මුදලක්, පැහැරහැරීම හේතුවෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ගෙන ආ නඩුවක්, නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ මෝසම එක්සත් ජනපදයේ දිස්ත්‍රික් අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි.
අධිකරණය ලබාදුන් එම තීන්දුවට අනුව ශ්‍රී ලංකා රජය අදාල මුදල ගෙවිය යුතු ද යන්න තීරණය කිරීමට අදාල නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් විද්වතුන් පෙන්වා දෙන්නේ, විදෙස් අධිකරණයක් ණය සම්බන්ධ නඩුවක දී, ශ්‍රී ලංකාවට එරෙහිව තීරණයක් ගතහොත්, මෙරට විදෙස් වත්කම් අත්පත් කර ගැනීමේ අවධානමක් ද උද්ගත විය හැකි බවයි.
කෙසේ නමුත් මෙම සිද්ධිය කරළියට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය වෙත කියා සිටියේ, ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට මෙම ගනුදෙනුව හේතු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
"අපට තිබුණා 2012 දී සීයට හයක පමණ අධික පොලියට ලබා ගත් ඩොලර් බිලියනයක අන්තර් ජාතික ස්වෛරී බැඳුම්කරයක් පියවන්න. දැන් වාර්තා වෙලා තියෙනවා, හැමිල්ටන් බැංකුව නැමති බැංකුවක් එම ඩොලර් බිලියනයෙන් ඩොලර් මිලියන 250ක් පමණ අත්පත් කරගෙන ඇති බව."
"ඒකෙ තියෙන වැදගත් ම කාරණාව තමයි, ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත වාර්තා කරන විදිහට හැමිල්ටන් බැංකුවේ පුද්ගලයෙක් අපේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සමග යම් යම් එකඟතාවන්ට පැමිණීම පිළිබඳ නිවේදනයක්. අපිට මෙහි දී සැකයක් මතුවෙනවා පළවෙනි කාරණය මේ බැඳුම්කරය ලබා දුන්නේ මොන ගාණට ද ද්විතික වෙළඳපොලේ දී ලබා ගත්තෙ කියන එක.? ලංකාවෙ මිනිස්සුන්ගෙ පොහොර ටික නවත්තලා, ලයිට් කපලා තියෙද්දි, බෙහෙත් ටික ගෙන්වන්න බැරුව ඉද්දි යම් හෙයකින් ජුලි මාසයේ දී ගෙවන්න පොරොන්දු වෙලා තිබුණ ද, ඒකෙන් කොච්චර කොමිස් කුට්ටියක් අපේ රටේ අයට ලැබුණ ද කියන කියන එක පිළිබඳ යුක්ති සහගත පරීක්ෂණයක් අවශ්‍යයි." යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියා.
මේ අතර, අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කරන ලෙස ඉල්ලමින් ආර්ථික යුක්තිය උදෙසා ජනතා සමුහිකය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට තොරතුරු දැනගැනීමේ පනත යටතේ, තොරතුරු ඉල්ලීමක් කිරීමට ඊයේ (12) කටයුතු කළා.
එම තොරතුරු ඉල්ලීම අනුව ඔවුන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා සිටියේ, ශ්‍රී ලංකා බලධාරීන් විසින් අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමේ දී අධික පොලී ගෙවීම සඳහා නිත්‍යනුකූල නොවන ලෙස කොමිස් ලබාගත් බවත්, අධික පොලියට ලබාගත් එකී මුදල් වියදම් කිරීමේ දී හා ගෙවීමේ දී දුෂණ සිදු වූ බවටත් සාධාරණ සැකයක් මතුව ඇති බව කියමින් අදාළ ගනුදෙනුව පිළිබඳ සියලු තොරතුරු හෙළිදරව් කරන ලෙසයි.
එම තොරතුරු ඉල්ලීම ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ කැඳවුම්කරු නදීෂ ද සිල්වා මහතා සඳහන් කළේ, “ඇත්තට ම මේ කියන දේට හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මහතාගේ යම්කිසි සම්බන්ධයක් තියෙනවද? අපි දන්නෑ එතුමා සම්බන්ධ ද නැද්ද කියලා. නමුත් සම්බන්ධයක් තියෙනවා ද කියන දේ ගැනත් මේවා ගැන අපිට පැහැදිලි විස්තරයක් අපි ඉල්ලලා තියෙනවා. මේ බැඳුම්කරය ඇත්තට ම කවද්ද මේක නිකුත් කළේ? ඒ වගේම මේ බැඳුම්කරයට 2012 අවුරුද්දේ ඉඳන් 2022 කල් පිරෙන දවස වෙනකම්ම පොලී මුදල් වශයෙන් කීයක් ගෙව්වද? මේ බැංකුව ඇත්තට ම කොහේ ලියාපදිංචි වෙච්ච බැංකුවක්ද? මිලියන 250 කොටස මිල දී ගත්තේ ඇත්තට ම කවද ද? ඒ වගේ ම අඩු වටිනාකමක්, ඒ කියන්නේ මේ වෙනකොට ලංකාව බංකොලොත් වෙන්න ආසන්න මොහොතක දී තමයි මේක මුල් ගෙවීම සිදුකරන්නේ. ඒ ගෙවීම නිසා ලබපු ලාභය කොපමණ ද? ඇත්තට ම අතිරේක ලාභයක් ඒගොල්ලෝ ලැබුව ද? ඒක පිටිපස්සේ තියෙන ගනුදෙනුව මොකක් ද? ඒක පිටිපස්සේ ලංකාවේ හිටපු මහ බැංකු අධිපතිවරයා ඉන්නව ද? එයාටත් ඒකෙන් කෑල්ලක් කීයක් හරි කොටසක් ගියාද? කියන එක වගේ ප්‍රශ්නාවලියක් අපි යොමු කරලා තියෙනවා. මහ බැංකුව විසින් අපේ ප්‍රශ්නාවලිය භාර ගත්තා සහ ඒගොල්ලන් පොරොන්දු වුණා මහ බැංකු අධිපතිවරයා විසින් මේ සම්බන්ධව අදාළ තොරතුරු ලබා දෙනවා කියලා.” යනුවෙන්.