gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාසල් සිසුවියක් දූෂණය කළ විදුහල්පතිට බරපතළ වැඩ ඇතිව වසර 7ක සිර දඬුවමක්

පාසල තුළදීම දස හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාව මත මන්නාරම සෙල්වනගර් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට  බරපතල වැඩ සහිතව වසර  හතක සිර දඩුවමක් මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම් මිහාල් විසින් ඊයේ (11) නියම කළේය.

එම දඩුවමට අමතරව රුපියල් 25000 ක දඩ මුදලක්ද, රුපියල් ලක්ෂයක වන්දියක්ද දැරියට ගෙවන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.


2014 සැප්තැම්බර් 23 වැනි දින මන්නාරම පාසලක 10 හැවිරිදි සිසුවියක් දූෂණය කළ බවට ලද පැමිණිල්ලකට අනුව මන්නාරම පොලීසිය අදාල විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබීය.

පසුව විදුහල්පතිවරයා සම්බන්ධයෙන් වූ නඩුව මන්නාරම මහාධිකරණය වෙත මාරු කිරීමෙන් පසුව මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ලබාදෙන ලදී.

දැරිය දූෂණය කිරීමේ සිද්ධිය දැරියගේ කටඋත්තරය හා අධිකරණ වෛද්‍යවාර්තාව හා තවත් විද්‍යාත්මක සාධක මත  පැහැදිලිවම  ඔප්පු වූ අතර, විත්තිකාර විදුහල්පතිවරයා එම චෝදනාව තමන් විසින් සිදු කරණ ලද බවට ප්‍රකාශයක් කරමින් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටියේය.

මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කිරීමත් සමගම චූදිත විදුහල්පතිවරයා මහා හඩින් අධිකරණය තුළ විලාප තබමින් තමන්ව නිදහස් කරණ ලෙසද ආයාචනා කොට සිටියේය.

-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka