නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු සඳහා රුපියල් මිලියන හයසිය පනහකට අධික වැටුපක් ගෙවමින් චීනයෙන් ඉංජිනේරුවන් දහනවදෙනෙකු ගෙන්වීම සඳහා සූදානමක් ඇතැයි වාර්තා වනවා.
ඒ සඳහා මේ වන විටත් අනුමැතිය ඉල්ලමින් ලක්විජය බලාගාරයේ බලාගාර කළමනාකරු විසින් ලිපියක් යොමු කර ඇති අතර, එහි සඳහන් වන්නේ ගෙන්වීමට බලාපොරොත්තු වන එක් චීන ඉංජිනේරුවෙකුට දෛනිකව අමෙරිකානු ඩොලර් 500ක වැටුපක් ගෙවීමට සූදානම් බවත් එම එක් ඉංජිනේරුවෙක් සඳහා මාසිකව වැටුප් ලෙස අමෙරිකානු ඩොලර් 15,000ක් ගෙවීමට සූදානම් බවයි.
මෙම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් ගතහොත් එක් ඉංජිනේරුවෙකුට දිනකට දළ වශයෙන් රුපියල් 165,000ක් බැගින්, මාසිකව රුපියල් 4,950,000ක මුදලක්.
මේ ආකාරයෙන් වැටුප් ගෙවමින් මාස හයක කාලයක් සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු සඳහා ගෙන්වීමට සූදානම් චීන ඉංජිනේරුවන් අතර නඩත්තු ඉංජිනේරුවන් 8 දෙනෙකු සහ මෙහෙයුම් ඉංජිනේරුවන් 11 දෙනෙකු සිටිනවා.
ඔවුන් 19 දෙනා වෙත වැටුප් ලෙස පමණක් මාසිකව අමෙරිකානු ඩොලර් 258,000ක මුදලක් ගෙවීමට සැලසුම් කර ඇති අතර ඔවුන් සේවය සැපයීමට සඳහා කුලියට ගනු ලබන මාස හයක කාලයේ දී ඔවුන්ට වැටුප් වශයෙන් ගෙවීමට සැලසුම් කර ඇති මුදල අමෙරිකානු ඩොලර් 1,710,000ක මුදලක්.
එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් ගතහොත් රුපියල් මිලියන 665.9ක (බදු සහිත) ප්‍රමාණයක් වනවා.
ඒ අනුව මේ ආකාරයෙන් වැටුප් ගෙවමින් චීන ඉංජිනේරුවන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු සඳහා මාස හයක කාලයකට කුලියට ගැනීම සඳහා ලක්විජය බලාගාරයේ, බලාගාර කළමනාකරු වන ඉංජිනේරු පී.ඩම්.එම්.එන්.ඒ.බී විජේකෝන් විසින් අනුමැතිය ඉල්ලමින් ලිපියක් යොමු කර ඇති අතර ඒ සඳහා 2023 - 2024 වර්ෂයට අදාළ මුදල් ප්‍රතිපාදන යෙදවීමට බලාපොරොත්තු වන බවයි එමගින් කියා සිටින්නේ.
ඒ කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සේවය කරන ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් 200කට ආසන්න පිරිසක් හට උසස්වීම් ලබා නොදීමට කටයුතු කරන ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මේ ආකාරයෙන් දෛනිකව එක් චීන ඉංජිනේරුවෙකුට රුපියල් එක්ලක්ෂ හැටපන්දාහකට ආසන්න මුදලක් ගෙවීමට සූදානම් වීම විශේෂත්වයක්.