gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කෝටි 176ක ඩුබායි සුපිරි ලොතරැයි දිනුම අපේ රටේ කොල්ලෙකුට!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි ‘බිග් ටිකට්’ ලොතරැයියේ නවතම දිනුම් ඇදීම් වාරයේදී  ඩිරාම් මිලියන 20ක (රු. කෝටි 176 පමණ) දැවැන්ත ත්‍යාගය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු සමත්ව තිබේ.

මීට දින තුනකට ඉහතදී පැවති ජයග්‍රාහකයින් තේරීමේ මහා දිනුම් ඇදීමේදී මෙලෙස දැවැන්ත ත්‍යාගය හිමි කරගනිමින් වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත්ව ඇත්තේ තුරෙයිලිංගම් ප්‍රභාගර් නමැති ශ්‍රී ලාංකිකයෙකි. 


ඩුබායිහි සමාගමක සුපර්වයිසර්වරයෙකු ලෙස සේවය කරන මොහු  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් ඇත්තේ, මීට වසර 16කට පෙරයි. 

පසුගිය වසර 5ක කාලයක් තිස්සේ ජයග්‍රහණයක් අපේක්ෂාවෙන්  මිතුරන් හා එක්ව ටිකට් මිලදීගෙන ඇති තුරෙයිලිංගම් අන්තර්ජාලය ඔස්සේ ජයග්‍රාහී ටිකට්පත මිලදී ගෙන ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදීය. 

තුරෙයිලිංගම්ගේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් විමසූ විට ඔහුගේ මිතුරෙකු පවසා ඇත්තේ, ජයග්‍රහණයත් සමග කම්පනයට පත්ව සිටින බවත් තවමත් කම්පනයෙන් මිදීමට නොහැකිව සිටින බවත්ය. 

newsfirst
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka