gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සාම්ප්‍රදායික දේශපාලන රැස්වීම් රටාවෙන් මිදී ඇමති ටිරාන්ගේ එක්සත් මහජන පක්ෂය (UPP) අලුත් ගමනක.. ජනතා අදහස්වලට වැඩි ඉඩක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂය (UPP) විසින් දියත්කර අති " ජන හඬ විමසුම " වැඩසටහනේ තවත් අදියරක්  බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, මීගහකිවුල, සහ හසලක යන ප්‍රදේශවල පසුගියදා පැවැත්විණි.

සාම්ප්‍රදායික දේශපාලන රැස්වීම් රටාවෙන් මිදුණු නැවුම් වැඩසටහනක්‌ වන මෙහිදී පක්ෂ නායකයන් හෝ වෙනත් කිසිවෙකු දේශන නොපවත්වන අතර රැස්වීම් මාලාව ආරම්භයේ සිටම ඊට සහභාගී වන මහජනතාව විසින් ප්‍රාදේශීයව  පවතින ගැටළු ඉදිරිපත් කරනු ලබන අතර ඊට විසදුම් සෙවීම සඳහා මහජනතාව ගේ පැත්තෙන් ලැබෙන යෝජනාවලට ප්‍රමුකතාවය ලබා දෙමින් ගැටළුවට සැබෑ ලෙසින් මුහුණ දී සිටින පිරිස්වල යෝජනා මත වඩාත් ප්‍රයෝගික මුහුණු වරකින් බිම් මට්ටමේ ගැටළු සඳහා විසදුම් සෙවීම මෙම වැඩසටහන විශේෂත්වයකි.

වසර 74 ක්‌ පුරා දේශපාලන අධිකාරිය හෝ පරිපාලනය විසින් ගනු ලැබූ බොහෝ තීරණ මහජනතාවගේ ගැටළු සඳහා විසදුම් ලබා දීමට අසමත් ව ඇත්තේ මහජන අදහස් හා යෝජනා පිළිබඳව අවධානය යොමු නොකිරීම නිසා බව එක්සත් මහජන පක්ෂය විශ්වාස කරන බැවින් මෙම වැඩසටහන දියන් කර ඇති බව පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඇතැම් ගැටළු සඳහා එම අවස්ථාවේදීම ආදාළ අංශ වෙත  අවධානය යොමු කර විසදුම් ලබා දීම ට මෙහිදී කටයුතු කෙරේ.

වේදිකා උඩ පවත්වන උද්වේගකර කතාවලට අත්පුඩි ගසන යුගය වෙනුවට ජනතාව ගේ ඇත්ත උවමනා වෙනුවෙන් පෙනී සිටීම තම පක්ෂයේ අරමුණ බව එහි මාද්‍ය අංශය තව දුරටත් පැහැදිලිකර සිටී..






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka