ජාතක ජන බලවේගයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා පක්ෂ නායක අනුර දිසානායක මහතා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
පසුගිය වර ජනාධිපති අපේක්ෂකයා වූයේද අනුර දිසානායක මහතා බවත් ඒ නිසා නැවත වතාවක් එය තීරණය කිරීමේ අවශ්‍යතාවයක් නැති බවද ඔහු පෙන්වා දෙයි.
පුවත්පතක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.
අනුර දිසානායක මහතාට ඉංග්‍රීසි භාෂාව හැසිරීමට නොහැකි නිසා හරිනි අමරසූරිය මහත්මිය ජනාධිපති අපේක්ෂිකාව ලෙස සුදුසු බවටත් මතයක් මතයක් ඇති බවට මාධ්‍යවේදියා කළ විමසීමට ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙසේය.
“මඩවලත් බාලම මඩ ගහන එක ගැන කනගාටුවක් තිබෙනවා. ඔවුන් අඩු ගණනේ මනුෂ්‍යත්වයටවත් සුදුසු මිනිස්සු නොවේ. අපේ රට මෙතෙක් කල් පාලනය කළේ ඉංග්‍රීසි දන්න කට්ටියනේ. ඒ ගොල්ලො රටට මොනවද කරල තියෙන්නේ. රට නැති කරලම තියෙන්නෙ. එනිසා රටක් පාලනය කරන්නේ ඉංග්‍රීසි තියෙනවද? ජපන් දන්නවද? චීන දන්නවද? වගේ ප්‍රශ්න නොවෙයි තියෙන්න. දේශපාලන තේරෙනවද? රටට ආදරේද? රට හදන්න අධිෂ්ඨානයක් තිබෙනවාද? වගේ ප්‍රශ්නය ඉතා වැදගත්. භාෂා සම්බන්ධ ප්‍රශ්න නූතන යුගයේ කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි ප්‍රශ්නයත් අපේ හතුරෝ හදන අවලාදාත්මක ප්‍රකාශයක්. ඒ වගේ දේවල්වලින් අප සොලවන්න බැහැ”