gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතා විරෝධයකට බයේ ‌ඇමති රොෂාන් හැරී ගියාද?

තඹුත්තේගම මහවැලි ඉඩම් දේශපාලන ලැයිස්තුවෙන් බෙදුවාට විරෝධයක් එන බවට තොරතුරු වාර්තා වී තඹුත්තේගම මහවැලි අධිකාරියේ පැවති උත්සවයට සහභාගී වීමට පැමිණි රොෂාන් රණසිංහ අමාත්‍යයවරයා ආපසු හැරී ගිය බවට වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත තරුණ කෘෂි ව්‍යාපාර ව්‍යාපෘතිය යටතේ, මිරිස් නිෂ්පාදන ගම්මාන ඇති කිරීමේ අරමුණින් සුහුරු කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවීන් වෙත භාණ්ඩ බෙදා දීමේ උත්සවයක් ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරී මාර්ග අමාත්‍යය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම පිහිටි ශ්‍රී ලංකා මහවැලි  අධිකාරියේ එච් කළාප කාර්යාල ශ්‍රවණාගාරයේදී ඊයේ (17) පස්වරු 03.00 ට පැවැත්වීමට සංවිධානය කර තිබූවද එම උත්සවය සඳහා අමාත්‍යයවරයා හදිසියේම සහභාගී නොවී ආපසු හැරී ගොස් ඇතැයි වාර්තා වෙනවා.

අදාළ උත්සවය සඳහා ශ්‍රවණාගාරය පවා උත්සව ශ්‍රීයෙන් සංවිධානය කර තිබූ අතර, සහකාර පොලිස් අධිකාරීවරයකු , තඹුත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ  මහතා ඇතුළු පොලිස් නිළධාරීන් 20 කට ආසන්න පිරිසක් එම කාර්යාල භූමියේ රැදී සිටින අයුරුද දැක ගත හැකි වුණා.

රොෂාන් රණසිංහ අමාත්‍යයවරයාගේ මාධ්‍ය එකකයේ ආරාධනය මත එම උත්සවය ආවරණය සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන රැසක ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ද එම උත්සවයට සහභාගී වී සිටියා.

ඊයේ  (17) පස්වරුවේත් ඔවුන් අමාත්‍යවරයාගේ සහභාගී වීම සිදු වන බවට මාධ්‍යවේදීන්ට තහවුරු කර තිබී ඇත.

මහවැලි අධිකාරී නිළධාරීන් මෙන්ම ප්‍රථිලාභීන්ද රොෂාන් රණසිංහ අමාත්‍යයවරයා පැමිණෙතැයි අපේක්ෂාවෙන් සිටි  නමුත් පස්වරු 03.00 වන විට උත්සවය ආරම්භ වූයේ අමාත්‍යයවරයාගේ සහභාගීත්වය නොමැතිවයි.

අමාත්‍යයවරයා හදිසියේ මෙම උත්සවය සඳහා සහභාගී නොවූයේ ඔහු වෙත මහජන විරෝධයක් මතුවේ යැයි බියෙන් බවට පසුව අප කළ විමසීමකදී මහවැලියේ උසස් නිළධාරියකු පැවසුවා.

ඒ මහවැලි එච් කළාපයේ තඹුත්තේගම නගරයේ  පිහිටි වටිනා රජයේ වාණිජ ඉඩම් මහවැලි අධිකාරිය හරහා දේශපාලන හිතවතුන් අතරේ රහසිගතව බෙදා දීමට රොෂාන් රණසිංහ අමාත්‍යයවරයා කටයුතු කිරීමට විරෝධය පළ කරමින් තඹුත්ත‌ේගම නගරයේ පිරිසක් අමාත්‍යයවරයාට ලිපියක් භාර දීමේ සූදානමක් පවතින බවට බුද්ධි තොරතුරු වාර්ථා වීම හේතුවෙන් බවටයි ඔහු කියා සිටියේ, අමාත්‍යයවරයා පැමිණි පසු යම්කිසි ජනතා විරෝධයක් මතුවේ යැයි සැකයෙන් විශාල පොලිස් නිළධාරීන් පිරිසක්ද යොදවා සිටි නමුත්, හදිසියේ හෝ  අමාත්‍යයවරයාට දැඩි විරෝධයක් එල්ල වෙතැයි බියෙන් ඔහු උත්සවයට සහභාගී නොවී අතරමගදී  පිටව ගොස් ඇති බවත්, අමාත්‍යයවරයාගේ සහභාගීත්වය නොමැතිව උත්සවය පවත්වන ලෙස උපදෙස් ලැබුණ බවත් එම නිළධාරියා පැවසුවා.

ඒ අනුව මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර අයි.රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහවැලි අධිකාරියේ එච් කළාපයේ  උසස් නිළධාරීන්ගේ සහභාගීත්වයෙන්  උත්සවය ආරම්භ වී ප්‍රථිලාභීන් වෙත ගිවිසුම් පත්‍ර බෙදා දීම හා භාණ්ඩ බෙදා  සිදු කෙරුණා.

ඒ යටතේ රුපියල් ලක්ෂ 06 ක් පමණ වටිනා දැල් ගෘහ සඳහා අවශ්‍යය උපකරණ, ජල පද්ධති සඳහා උපකරණ ආදී භාණ්ඩ රැසක් ප්‍රථිලාභීන් වෙත බෙදා දීම සිදු කෙරුණා.

අනතුරුව ඉතා කෙටියෙන් උත්සවය නිමා වට පත්කර, උත්සවයට සපැමිණි උසස් පොලිස් නිළධාරීන් හා මහවැලි අධිකාරියේ උසස් නිළධාරීන් පිරිස අමාත්‍යයවරයා වෙනුවෙන් සංවිධානය කර තිබූ තේ පැන් සංග්‍රහයද භූක්ති විඳ පිටව ගියා.

එම තේ පැන් සංග්‍රහය සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන, දේශපාලන ලැයිස්තුව යටතේ ඉඩම් ලාභියකු වූ  හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුද සපැමිණි අතර, ඔහු මාධ්‍යවේදීන් කීප දෙනෙකුට කියා සිටියේ අද වැඩේ අවුල් ගියා නේද? අපිට බුද්ධි තොරතුරු ආවා, ඒ හින්දා ඇමතිතුමා ආවේ නෑ යනුවෙනි.

මෙවැනි චාම් කෙටි උත්සවයකට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූයේ මන්දැයි  අපි තඹුත්තේගම පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිළධාරියකුගෙන් විමසීමක් කළ අතර, එම  නිළධාරියා කියා සිටියේ මෙම උත්සවයට රොෂාන් රණසිංහ අමාත්‍යයවරයා පැමිණීමට නියමිතව තිබූ බැවින් අමාත්‍යයවරයාට යම් මහජන විරෝධයක් මතු වන බවට යැයි තොරතුරු ලැබුණු නිසාවෙන් ආරක්ෂාව තර කළ බවයි.

කෙසේ නමුත් අමාත්‍යයවරයා හදිසියේම නොපැමිණෙන බවට වාර්තා වූ බවද ඒ මහතා පැවසුවා.

ජනාධිපතිවරයාගේ නියෝගද නොසකා හරිමින් තඹුත්තේගම නගරයේ පිහිටි වටිනා රජයේ වාණිජ ඉඩම් මහවැලි අධිකාරිය හරහා රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලඥයින් පිරිසක් දේශපාලන හිතවතුන් අතරේ කූඨ ලේඛණ සකස් කර රහසිගතව බෙදා දී ඇති බැවින් එම ඉඩම් මංකොල්ලය වහා නවතන ලෙස රොෂාන් රණසිංහ අමාත්‍යයවරයාගෙන් ඉල්ලා ලිපියක් භාර දීමට ඊයේ  (17) උත්සවය අතරතුර සූදානමින් සිටි බවද තඹුත්තේගම මහවැලි ඉඩම් සුරැකීමේ සංවිධාන නියෝජිතයකු පැවසුවා.

කෙසේ නමුත් අමාත්‍යවරයා සහභාගී නොවීම හේතුවෙන් එම ලිපිය ලබා දීමට නොහැකි වූ බවද එම නියෝජිතයා පැවසුවා

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අප රොෂාන් රණසිංහ අමාත්‍යයවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් කීපයක් ලබා ගත් අතර, දුරකථනයට  ඒ මහතා ප්‍රතිචාර නොදැක්වීය.

අනතුරුව අප කීප වරක් උත්සහ කිරීමෙන් පසු අමාත්‍යයවරයාගේ ආරක්ෂක අංශ නිළධාරියකු විසින් දුරකථනයට ප්‍රතිචාර දැක්වූ අතර, ඔහු කියා සිටියේ තඹුත්තේගම නගරයේ උත්සවයට අමාත්‍යයවරයා සහභාගී වීමට සිටියත් හදිසියේම වැඩක් නිසා සහභාගී වීමට නොහැකි වූ බව පවසා ඒ මහතා දුරකථනය විසන්ධි කරනු ලැබුවා.

උපුටා ගැනීම : ඒෂියන් මිරර්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka