gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභයට කුණුහරුපෙන් බැන්න භික්‍ෂුවකගේ ගිණුමට රුපියල් බිලියනයක්!

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නම හා ලකුණ වෙනස්කර ඇත්තේ මිනිස් ඝාතන ඇතුළු ලෙයින් වැකුණු අපකීර්තිමත් ඉතිහාසය වත්මන් පරම්පරාවෙන් වසංකරගැනීම සඳහා යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද රට බෙදීමට කටයුතු කළ බවයි. එබැවින් මේ සංවිධාන දෙකම, දෙකක් නොව එකක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මීරිගම යොවුන් නිකේතනයේදී (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම ආසන බල මණ්ඩලයට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද පැවසීය.

2019 ජනාධිපතිවරණයේදී අපි ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරලා එතුමා ජයග්‍රහණය කෙරෙව්වා. එතුමා මාස නමයක් රට පාලනය කළා. ඒ මාස නවයක කාලය තුළ සාමන්‍ය පෙළ අසමත් දරුවන් ලක්ෂයකට රැකියා දුන්නා. උපාධිධාරීන් ලක්ෂයකට රැකියා දුන්නා. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කළා. පාතලය සහ කුඩු වසංගතය නැති කළා. එතුමා අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළා. ඒ නිසා 2020 අගෝස්තු මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 152ක් පාර්ලිමේන්තු එවන්න ජනතාව කටයුතු කළා.

අපි ආණ්ඩුව පිහිටුවලා සුළු කාලයක් තුළ කොරෝනා වසංගතය නිසා රට වහන්න වුණා. ඒ නිසා ආර්ථිකය කඩාගෙන වැටිලා අපිට නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ තත්ත්වය අපිට පමණක් ඇති වුණ දෙයක් නෙමෙයි. ලෝකයේ බොහෝ රටවල් මේ අර්බුදයට මුහුණ දුන්නා.

නමුත් අපේ රටට මේ තත්ත්වයන් වැඩියෙන් දැනෙන්න පටන් ගත්තා. දිනපතා විදුලිය කප්පාදු කරන්න වුණා. රට පුරා ඉන්ධන, ගෑස් පෝලීම් නිර්මාණය වුණා. මිනිස්සු ජීවත් වුණේ හරිම අමාරුවෙන්. ඒ පීඩනයෙන් ජවිපෙ, සජිත් ප්‍රේමදාස, අන්තවාදීන්, ජාතිවාදීන් ප්‍රයෝජන අරගෙන අරගලයක් පටන් ගත්තා. ඒ සියල්ලන්ගෙම එකම බලාපොරොත්තුව වුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති ධුරයෙන් අයින් කරන්නයි.

අරගලයේ පිටිපස්සේ හිටියේ කවුද කියලා අද එළිදරව් වෙමින් පවතිනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කුණුහරුපෙන් බැනපු හමුදුරුවෝ නමකගේ ගිණුමට රුපියල් කෝටි 100ක් බැරවෙලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හොයාගෙන තියෙන විදියට ඒ සල්ලි එවලා තියෙන්නේ ගෝතමාලාවෙන්. ලෝකයේ වැඩියෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ වෙන්නේ ගෝතමාලාවේ. කුඩු නැති කරන්න කටයුතු කරපු නායකයා යවන්න සල්ලි පොම්ප කළේ ලෝකයේ වැඩියෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ කරන රටක්. ගෝල්ෆේස් අරගලයට කන්න දුන්නා කියලා එල්.ටී.ටී.ඊ දෙමළ ඩයස්පෝරාව ප්‍රසිද්ධියේම කිව්වා.

අරගලය නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ගෙදර යන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ රට භාර දෙන්නෙ කාටද කියලා පක්ෂයක් විදියට අපි කල්පනා කළා. ආර්ථිකය ගොඩගන්න පුළුවන් අත්දැකීම් බහුලම නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා බව තීරණය කරලා ජනාධිපති වෙන්න අපේ පක්ෂය එතුමට සහයෝගය දුන්නා. ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් ගොඩගන්න එතුමාට හැකි වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලැබෙනවා. එතකොට ජනතාවගේ පිඩනය තව දුරටත් අඩු කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

මේ දවස්වල අපි ජනාධිපතිවරු දෙන්නෙක් දකිනවා. එක්කෙනෙක් රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. අනිත් කෙනා ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසානායකයි. ජනතා විමුක්ති පෙරමුණ කිව්ව ගමන්ම මතක් වෙන්නේ මනුෂ්‍ය ඝාතන. බස් ගිනි තියපුවා. අන්න ඒ ලෙයින් වැකුණු අපකීර්තිමත් ඉතිහාසය වත්මන් පරම්පරාවෙන් වසංකරගන්න මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයයි, ලකුණයි දෙකම මාරු කරලා. හැබැයි මේ රටේ මිනිස්සු මැරිල ඉපදිලා නැහැ. ජේ.වී.පී එක කරපුව අපිට හොඳට මතකයි.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අන්තවාදීන්ගේ, ජාතිවාදීන්ගේ දේශපාලන පක්ෂයක්. එදා මහින්ද මහත්තයා එල්.ටී.ටී.ඊ එක හතර වටින්ම වට කරලා තියෙද්දි 2008 දී අයවැය පරද්දන්න පාර්ලිමේන්තුව ඇතුලේ නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ තාත්තා හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙයි. ජනතා විමුක්ති පෙරමුණයි, එල්.ටී.ටී.ඊ එකයි දෙකම එකයි. ඒ දෙගොල්ලොන්ටම ඕනේ වුනේ රට බෙදන්නයි.

අද සජිත් ප්‍රේමදාස මහත්තයා අසරණ වෙලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා සජිත් මහත්තයාගෙන් කෑලි එක එක ගලවලා ගන්නවා. තව ටික දවසක් යනකොට සජිත්ගේ කණ්ඩායමම එක්සත් ජාතික පක්ෂයේ හිට ගන්නවා.

ඊළගට එන මැතිවරණය ගැන අපි එතකොට බලමු. ජනාධිපතිවරණයක් ආවොත් අපි සහයෝගය දෙන්නේ ජයග්‍රහණය කරන අපේක්ෂකයටයි. කොහොම වුණත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ. මේ පාලන කාලය අවසන් වන තුරු වැඩ ටික කරගෙන යන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි උපරිම සහයෝගය ලබා දෙනවා.

– ප්‍රදීප් අනුර කුමාර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka