දැවැන්ත වංචාවක් ගැන සොයද්දී තෙල් ලොක්කන් හතරක් ඉල්ලා අස්වෙති!
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ තනතුරු දරන නිලධාරීන් සිව් දෙනකු සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී තිබේ.
තම ඉල්ලා අස්වීමේ ලිපි මගින් ඔවුන් සදහන් කර ඇත්තේ පෞද්ගලික අංශයේ රැකියාවකට යාමට ඉල්ලා අස්වන බවයි.
කෙසේ වෙතත් මහා පරිමාණ වංචාවක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී මෙම නිලධාරීන් ඉල්ලා අස්වීම ගැටලුවක් බව තෙල් සංස්ථාවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මෙරට ඉන්ධන බෙදාහැරීමට පැමිණෙන විදේශ සමාගමකට සම්බන්ධ වීමට එම නිලධාරින් සූදානම් වන අතර ඉල්ලා අස් වූ නිලධාරින්ගෙන් ඇතැමුන් එකී විදේශ සමාගමට තෙල් සංස්ථාව සතු වැඩි අලෙවියට තිබෙන ඉන්ධන අලෙවිහල් තෝරා දී ඇති බවද වාර්තා වෙයි.
රට තුල ඉන්ධන හිඟයක් පැවති කාලයේ ඉන්ධන බවුසර පිටින් මිලදී ගත් ආයතන වලින් කොමිස් මුදල් ලබාගත්තේ යයි මෙසේ ඉල්ලා අස්වු නිළධාරීයෙකුට චෝදනා එල්ල වී ඇත.

2023-08-07T06:52:00+05:30
Gossip Lanka Hot News