අවදානම් නිවේදන නිසා මෙරටට එන සංචාරකයන්ගේ රක්‍ෂන ගාස්තු තිස් ගුණයකින් ඉහලට!
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් අවධානම් නිවේදනයක් නිකුත් කර ඇත්තේ විපක්ෂය විසින් මවන ප්‍රවෘත්ති හේතුවෙන් බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
විපක්ෂයේ ප්‍රධානීන් විදේශීය සංචාරකයන් හමුවී රට සම්බන්ධයෙන් බොරු කතා පතුරුවන බවද ඒ හරහා මෙම ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ දැමීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.
සංචාරක අවදානම් නිවේදන හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංචාරක රක්ෂණ ගාස්තුව තිස් ගුණයකින් ඉහළ නංවෙන බවද හෙතෙම සඳහන් කළේය.

ඒ හේතුවෙන් ඇමරිකාවේ සිටින ඉහළම පුද්ගලයන් පස් දෙනාගෙන් දෙදෙනෙකු මෙරටට පැමිණීමට නියමිතව තිබූ සංචාරය අවදානමකට ලක්ව ඇති බවත් හෙතෙම කියා සිටියේය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
අවදානම් නිවේදන නිසා මෙරටට එන සංචාරකයන්ගේ රක්‍ෂන ගාස්තු තිස් ගුණයකින් ඉහලට!
2023-08-15T07:49:00+05:30
Gossip Lanka Hot News