හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයක් හමුවට පත් කරන ලෙස ඉල්ලමින් යාපනයේ දෙමළ සංවිධාන කීපයක් විසින් වඩුක්කෝඩෙයි පොලිසියට 16 දා පැමිණිලි කීපයක්ම ඉදිරිපත් කොට තිබේ.
දකුණේ සිංහල ජනතාවට උතුරේ දෙමළ ජනතාව කෙරෙහි වෛරීය හැඟීමක් ඇති වන අන්දමට හිටපු අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කීපයක්ම සිදු කොට ඇති නිසා ඉන් දෙමළ ජනතාවට සිදුව ඇති මානසික කම්පනයට සාධාරණයක් ඉටුවිය යුතු බව එම පැමිණිලිවල සඳහන් වේ.
දෙමළ ජනතාවගේ ඔළු කැලණියට රැගෙන යන බව හිටපු අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කිරීම තුළ ව්‍යංගයෙන් දෙමළ ජනතාවට මරණීය තර්ජනයක් එල්ල කොට ඇති බව පෙන්වා දෙන පැමිණිලිකරුවෝ මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද යාපනයේ දෙමළ සංවිධාන විසින් සිදු කොට ඇති පැමිණිලිවල සඳහන් වේ.
දෙමළ ජනතාවට මේ ප්‍රකාශ නිසා රට තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල අපකීර්තියක් හට ගෙන ඇති බව පෙන්වා දෙන දෙමළ සංවිධාන ශ්‍රී ලංකාවේ නීතියේ හැටියට සුළු ජාතියක් පහත් කොට සලකා ඔවුන්ව මරා දමන බවට ව්‍යංගයෙන් ප්‍රකාශ නිකුත් කළ නොහැකි බවද ප්‍රකාශ කරමින් වඩුක්කෝඩෙයි පොලිසියට පැමිණිලි ඉදිරිපත් කළ යාපනයේ දෙමළ සංවිධාන ප්‍රකාශ කොට ඇත.
හිටපු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් රජය නිහඬව සිටීම තුළ දෙමළ ජනයා තවත් අසරණ වන බව පැමිණිලි තුළින් පෙන්වා දී ඇති යාපනයේ දෙමළ සංවිධාන මේ ප්‍රකාශ නිසා දැඩි මානසික කම්පනයකට ලක්ව සිටින දෙමළ ජනතාවට සාධාරණව නීතිය හෝ ක්‍රියාත්මක විය යුතු බව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.