gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බිරිඳයි දරුවොයි මට අස්වෙන්න කියනවා... ඒ උනාට මම අස්වෙන්නේ නැහැ – කෙහෙළිය රඹුක්වැල්ල

මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පැවරී ඇති රාජකාරී හමුවේ එය ඉටු කිරීමේදී ඇති වන ප්‍රශ්ණවලදී අනෙක් පුද්ගලයන්ට පවසා තමා පැන නොයන පුද්ගලයෙක් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. 
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවකදීයී.

වසර 15ක ආසන්න කාලයක් මාධ්‍යවේදීන් සමඟ ඉතා සුහදව ළඟින් ඇසුරු කළ පුද්ගලයෙක් හේතුවෙන් රටේ මීට වඩා බරපතළ ප්‍රශ්ණ උද්ගත වූ අවස්ථාවකදී තමාට ඊට අවශ්‍ය සහය සහ උපදෙස්

“හොඳ සහ නරක දෙකම මාධ්‍ය ඉදිරියේ ඉදිරිපත් කිරීම රජය සතු වගකීමක්. පසුගිය කාලවකවානුවේ කොවිඩ් වෛරසය මැඩපැවැත්වුවා වගේ මෙරට දැනට උද්ගත ව ඇති ඖෂධ ගැටලුව විසඳීමට ද සුදුසු සහ කඩිනම් පියවර ගනිමින් සිටිනවා.

මට මේ සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස මගේ බිරිඳ හා දරුවන් විතරයි කියන්නේ. වෙනත් කිසිම කෙනෙක් මට මේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වන්න කියලා නැහැ.

මම අභියෝග හමුවේ පලායන්නේ නැහැ. ඒවට මුහුණදීමට ආත්ම ශක්තිය තියෙන කෙනෙක්. ඇත්ත, සෞඛ්‍ය අංශයේ යම් යම් ගැටලු තියෙනවා තමයි. එක මම පිළිගන්නවා.

ඊට හැකි උපරිමයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කරනවා. මීට පස්සේ සෞඛ්‍ය අංශයේ ගැටලු පිළිබඳව තොරතුරු මාධ්‍ය වෙත ලබාදීම සඳහා කණ්ඩායමක් පත් කරනවා”.

ජාලිය යටගම


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka