13 වන ව්යවස්ථාව බලාත්මක කිරීමේ කිසිදු සදාචාරාත්මක හෝ නෛතික අයිතියක් ජනවරමකින් තොර ජනපති රනිල් වික්‍රමසිංහට නොමැති බවත් ඔහු 13නේ එල්ලි දැඟලුවහොත් ඔහුටත් ඔහුගේ ජනාධිපති ධූර කාලය ඉක්මනින් අවසන් කරන්නට සිදුවනු ඇති බවත් ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල සාසනරතන හිමියෝ පවසති.
ඊයේ (14) දින මාධ්‍ය හමුවේ විශේෂ ප්රකාශයක් සිදු කළ උන්වහන්සේ ඉන්දියානු බලපෑම මත ජේ ආර් ජයවර්ධන අපේ රටට බලයෙන් පැටවූ විනයක් විනා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට කිසිදු යහපතක් නොවන බව අවධාරණය කළහ.
උන්වහන්සේ මාධ්‍ය අභිමුව මෙසේ පැවසූහ.
“මේ රටේ වාර්ගික භේද භින්න ඇති කරමින් බලයට පැමිණීමට එදා සිට උත්සාහ දරන උතුරේ මෙන්ම දකුණේ ජන ප්‍රතික්ෂේපිත දේශපාලනඥයෝ දැන් 13 ව්යවස්ථාවේ හෝ එල්ලිලා ගොඩ යන්න හදනවා. මේ අනුව බලන කල උතුරේ විග්නේෂ්වරන් කරන්නෙත් දකුණේ බලලෝභී දේශපාලඥයෝ කරන්නෙත් තමන්ගේ බලය රැක ගැනීම සඳහා එකම දේ තමයි. “
“ අද උතුරේ මෙන්ම දකුණේ ජනතාව ඉල්ලන්නේ 13 ව්යවස්ථාව නෙවෙයි. ඒ අයට යහතින් ජීවත් වීමට හැකි ආර්ථික වාතාවරණයක් පමණයි. මේ නිසයි වසර 30 ක පමණ කාලයක යුද්ධයක් මේ රටේ පැවැත්වුණේ. මේ රටේ ස්වෛරී භාවය හා ඒකීය භාවය වෙනුවෙන් රණවිරුවෝ 27.000 ක් පමණ ජීවිත පරිත්‍යාග කළා. දහස් ගණනක් ආබාධිත වුණා. එදා යුද්ධ කරලා දිනා ගන්න බැරි වුණ දේ අද බන්දේසියක තියලා ලබාදෙන්න මේ බලලෝභී, තක්කඩි දේශපාලනඥයෝ කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නවා.”
“අද මේ රටේ ජනතාව ඉතාමත් සුහදව එක්ව කටයුතු කරනවා. මේ අයට අවශ්‍ය 13 ක් නෑ. මේ ආර්ථික ගැටලුවලින් මිදිලා යහපත් ජීවිතයක් ගත කරන්න තමයි රටේ ජනතාවට දැන් අවශ්‍යය.
වත්මන් ජනාධිපතිතුමා ජන බලයකින් පත් නොවූවත් එතුමාට රටේ ජනතාව යම් ප්රමාණයකින් ගරු කරනවා. නමුත් නැවතත් මේ 13 එල්ලිලා දැඟලුවොත් එතුමාගේ ධූර කාලය පවා ඉක්මනින් අවසන් වෙන්න පුළුවන්.
එදා 69 ලක්ෂයක් ජනතාව ඡන්දය පාවිච්චි කරලා ඉල්ලා සිටියේ ඒකීය රාජ්යයක් යටතේ ජාති ආගම් භේදයකින් තොරව ආර්ථික, සමාජයීය, දේශපාලන, ආගමික සංහිඳියාවක් යටතේ රට ගොඩනගන්න කියලයි.
එහෙම නැතිව මේ 13 ක් බදාගෙන නැවතත් රටේ ජාති ආගම් භේද ඇති කරන්න කවුරු හරි කටයුතු කරනවා නම් රටේ සියලු ජනතාව පූජ්‍ය, පූජක පක්ෂ සියලු භේද දුරලා පාරට බැහැලා ඒ උත්සාහය පරාජය කරන්න කටයුතු කරනවා කියලා ජාතික සංඝ සම්මේලනය වශයෙන් අපි සඳහන් කරනවා.”