ශ්‍රී ලංකා මහජන පක්ෂය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
13 වන ව්‍යවස්ථා සංශෝධනය හොඳයි කියන ජවිපෙ ප්‍රධාන ජාතික ජනබලවේගයේ හරිනි අමරසූරියට විජය අමතක වුණේ ඇයි ?
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට පුළුල් මාතෘකාවක් බවට පත්ව ඇති අතර, ඒ පිළිබඳ සංවාදයද වඩාත් උණුසුම් වෙමින් තිබේ. ශ්‍රී ලංකා මහජන පක්‍ෂය ලෙස 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහය ලබාදෙන අතර, එය අර්ථාන්විතව සිදුකිරීම තුළ රටේ බොහෝ ගැටළුවලට විසඳුම් ලබාදිය හැකි බව පක්‍ෂයේ විශ්වාසයයි. 1987 වසරේදී පළාත් සභා ඇති කර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය බෙදීමේ යෝජනා ඉදිරිපත් විය. කෙසේ වෙතත් පළාත් සභා ස්ථාපිත කෙරුණද සැබෑ බලය බෙදීමක් සිදුවූයේ නැත.
1987 වසරේදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේ බලය බෙදීමේ දේශපාලන වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත්කිරීම උදෙසා මූලිකත්වය ගෙන ක්‍රියා කළ චරිතය වන්නේ ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක විජය කුමාරතුංග මහතායී. එම කැපවීම තුළ ඔහුට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවූ අතර, මහජන පක්‍ෂයේ නායකයින් 117 කු මෙකී කාර්ය උදෙසා ලබාදුන් දායකත්වය හේතුවෙන් ඝාතනය කරන ලදී. එම සාහසික ඝාතනය සිදුකරන ලද්දේ අ දරට ගොඩනගන්නට කතා කරන ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමක්ද මේ දක්වා සිදුව නොමැත.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මූලිකව නිර්මාණය කර ඇති ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට වූ ප්‍රකාශයක් පසුගියදා සිදුකරන ලදී. එය ඉතා හොඳ ප්‍රකාශයක් බව මහජන පක්‍ෂයේද විශ්වාසය වන අතර, එම ප්‍රකාශය අගය කිරීමටද පක්‍ෂයක් ලෙස පසුබට නොවෙමු. කෙසේ වෙතත් එම ප්‍රකාශය තුළ කිසියම් අඩුවක් සිදුව ඇති බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.
1987 වසරේදී මෙම සංශෝධනය ඉදිරිපත් වූ දිනයේ සිට එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හඬ නැගූ සහ ඒ කැපකිරීම හේතුකොට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලද විජය කුමාරතුංග මහතා සහ ඝාතනයට ලක්වූ මහජන පක්‍ෂයේ සෙසු සාමාජිකයින් ඇයගේ මතකයෙන් ගිලිහී ගියේ ඇයිද යන්න බරපතල ප්‍රශ්නයකි. තමන්ද නියෝජනය කරන පාර්ශවයේ කොටසක් විසින් විජය මරා දැමූ බව කියන්නට ඇයට හැකි වූයේ නම් ඇයගේ ප්‍රකාශය සම්පූර්ණ වනු ඇත.
“13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගෙන ගිය සටනේ ප්‍රතිපලයක් ලෙස විජය කුමාරතුංග ඇතුළු 117 ක් ඝාතනය වුණා. ඒ සාහසික ඝාතනය සම්බන්ධයෙන් ජවිපෙට චෝදනා එල්ල වුණා. අපි ඒ සම්බන්ධයෙන් කණගාටු වෙනවා” යනුවෙන් පවසා ඉහත සිදුකළ ප්‍රකාශය අර්ථාන්විත කිරීමට ඇය උත්සාහ කළේ නම් මේ කාලයේ සිදුවූ වටිනාම ප්‍රකාශය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රකාශය මුල්තැනට පත්වන බව සිහිපත් කරන්නෙමු.
ස්තූතියි,
ආචාර්ය චානක සේනානායක
ජේ්‍යෂ්ඨ උප සභාපති