gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෙවපු නැති ලයිට් බිලේ විස්තර නාමල්ට දෙන්න – නාමල්ගේ සම්බන්ධීකරණ ලේකම් ලංවිම සභාපතිගෙන් ඉල්ලයි

රුපියල් ලක්ෂ 26කට අධික විදුලි බිල නොගෙවීමේ පුවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

2019 වසරේදී තංගල්ල කාල්ටන් නිවසේ පැවැති නාමල් රාජපක්ෂ මහතාගෙ විවාහ උත්සවය වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට ගෙවීමට ඇති බිල්පතක් සම්බන්ධයෙන් පුවතක් ඊයේ (04) මාධ්‍ය වාර්තා කළා.

මෙම තොරතුරු වාර්තා වුණේ ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික නලින් හේවගේ මහතා විසින් තොරතුරු පනත යටතේ ලබා ගත් තොරතුරු අනුවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. වී. ජනෙත් මහතා සදහන් කර ඇත්තේ 2019 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා සිට සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා වීරකැටිය නිවසේ පැවති උත්සවයට අදාළව මෙම විදුලිබිල පැමිණ ඇති බවයි.

පහත දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධීකරණ ලේකම්වරයා ලංකා විදුලිබලයට යොමු කළ ලිපියයි…

සංජීව විජේරත්න
කාල්ටන් නිවස
තංගල්ල
2023.08.04

සභාපති
ලංකා විදුලිබල මණ්ඩලය ,
ශ්‍රීමත් චිත්තම්පලම්.ඒ.ගාඩිනර් මාවත,
කොළඹ 02.

සභාපතිතුමනි,

සමාජ මාධ්‍ය මගින් සංසරණය වන නොගෙවූ විදුලි බිල්පතකට අදාල ලිපිය සම්බන්ධවයි.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම සදහන් කරමින්,2019 වර්ෂයට අදාල නොගෙවූ හිග විදුලි බිල්පතක් සම්බන්ධව 2023 අගෝස්තු 02 දිනැති ඔබ ආයතනයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත්වූ ලිපියක් උපුටමින් විවේචනාත්මක හා අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍ය තුල මේ දිනවල සංසරණය වෙමින් පවතී.නියොජ්‍ය සාමාන්‍යාධිකාරි (වානිජ හා අයතනික- බෙදා හැරීම් අංශ 4) විසින් නිකුත් කරන ලද යැයි සදහන් එම ලිපිය මේ සමග අමුණා ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරණය වන මෙම ලිපියට අදාලව, විදුලි බිල්පතක් ඉදිරිපත් කර ඇත්නම් එය කාගේ නමින් කුමන දිනයක, කුමන ලිපිනයක් සදහා යොමු කර ඇත්ද යන වගත්, එම බිල්පතෙහි නිවැරැදි තොරතුරු ගරු මන්ත්‍රීතුමා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් මෙයින් ඉල්ලා සිටිමි.
ස්තුතියි

සංජීව විජේරත්න
ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka