gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිල නිවස ගැන චන්නගෙන් මෝසමක්... ආමාත්‍යංශ ලේකම් උසාවි කැදවයි

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පවරන ලද නඩුවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා රැදී සිටි නිල නිවසෙන් ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව යලි සලකා බලන මෙන් ඒ මහතාගේ නීතිඥවරු මෝසමක් මගින් කරුණු දක්වමින් ඉල්ලා සිටි අවස්ථාවේදී නඩුව සැප්තැම්බර් 19 දින යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.

මානව හිමිකම් කොමිසම විසින් ලබාදුන් තීන්දුවකට අනුව මන්ත්‍රීවරයා අදාළ නිල නිවසේ රැඳී සිටි බවත්, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රැදී නොසිටි බවත් නිතිඥවරු පෙන්වා දුන්හ.

ඒ අනුව අධිකරණය කරුණු සලකා බැලීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නොතීසි නිකුත් කරන ලදි .

චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස කටයුතු කරන අතර දැනට රැදී සිටින නිවස සඳහා අදාල බදු කුලියද නිසි පරිදි ගෙවා ඇති බව ඔහුගේ නීතීඥයන් අධිකරණයට වාර්තා කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන වෙනුවෙන් නීතිඥ RAP රණවක, දිනේෂ් ගොඩගම ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

Repoter


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka