gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සාගල සමග ගැටුම් රැසක්… ලන්සාත් බැණලා.. තවත් ගෝරි ගොඩක්…

පොහොට්ටුවේ බෙදීමට අමතරව ආණ්ඩුව තුළද පැහැදිලි කාකොටා ගැනීම් දැන් දැන් එළිපිට පෙන්නනට පටන්ගෙන තිබේ. ආරංචි මාර්ග පවසන පරිදි සාගල- අකිල ගැටුම, සාගල- වජිර ගැටුම, සාගල- සමන් ගැටුම, සාගල- ලන්සා ගැටුම, සාගල- රවි ගැටුම ආදී ගැටුම් සමුදායක් මේ වනවිට කරළියට පැමිණ තිබේ. මේ හැම ගැටුමකම මහා පොදු සාධකය වී ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරන සාගල ඇතැම් අවස්ථාවකදී ධුරාවලිය ඉක්මවා යමින් ජනාධිපති ලේකම්ටත් වඩා ඉදිරියෙන් සිටීමට උත්සාහ ගන්නා බව පෙනේ. පසුගිය දවසක සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී සාගල ධුරාවලිය ඉක්මවා යමින් ජනාධිපති ලේකම් දෙවැනි කොට හැසිරෙන ආකාරයක් දක්නට ලැබිණි.

සාගල, සමන් ඒකනායක සමග මෙසේ ගැටුමක් ඇති කරගෙන ඇත්තේ සමන් ඒකනායක වජිර අබේවර්ධන සමග ළඟින් වැඩ කිරීම නිසා යැයි ආරංචි මාර්ග කියයි.

වජිර අබේවර්ධනද සමන් ඒකනායක සමග එක් වී තමන්ගේ හිතවතුන් ආණ්ඩුවේ ආයතනවලට පත් කරමින් ඒවා තමන්ට හිතුමනාපේ මෙහෙය වීමට හැකිවන පරිදි නූල් සූත්තර කරමින් සිටින බව කියයි.

එමෙන්ම යම් යම් මූල්‍ය කටයුතු රැසක්ද මේ වන විට සිදු වී ඇති බවත් ජනාධිපතිවරයාගේ කීර්ති නාමයටද එය කැළලක් වී ඇති බවත් පෙර කී ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

කෙසේ වෙතත් සාගලගේ මේ කිසි දෙයක් බෙදා ගැනීමට ඇති අකැමැත්තත් හැමදේම බදා ගැනීමට ඇති කැමැත්තත් නිසා සාගලට පොහොට්ටුව තුළින් ප්‍රබල විරෝධයක් මතුවී ඇත.

පසුගිය දිනක දී නිමල් ලන්සා තුළින් එකී අකැමැත්ත පොළා පැන ඇති අතර ලන්සා සාගලගේ මූණටම බැණ අඩ ගසා ඇත.

– අරුණ පුවත්පතිනි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka