gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ ගමන්මග මිහින්තලාවෙන් වෙනස්වුවා.. ලංකා ඉතිහාසයේ දුම්රිය මගත් අද වෙනස් වෙනවා - බන්දුල ගුණවර්ධන

කාලක සිට දුම්රිය ධාවනය නොකර අබලන් තත්ත්වයේ පවතින අනුරාධපුර සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙහිදී අනුරාධපුරයේ සිට මිහිනතලේ දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 12ක දුර ප්‍රමාණයකින් දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමට නියමිතයි.

මෙම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ, දිගුකාලීන විසල් සංවර්ධන වැඩපිළිවෙළක් ඉලක්ක කරගනිමිනි. ඒ අනුව උතුරු, උතුරුමැද හා නැගෙනහිර යන පළාත්වල නිෂ්පාදන කරන භාණ්ඩ රැස්කර අපනයනය සඳහා සුදානම් කරන අපනයන සැකසුම් කලාපයක් මිහින්තලය තුළ ස්ථාපනය කිරිමට සැලසුම් කර තිබේ. මෙහි පළමු පියවර ලෙස මෙම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය මෙදින ආරම්භ වුනේ අනුරාධපුර , මිහින්තලේ හංදිය දුම්රිය ස්ථානයේ දී. උත්සවය අවසානයේ මිහින්තලය නගරයට ගිය අමාත්‍යවරයා අතුළු පිරිස මිහින්තලය දුම්රිය ස්ථානය අවට නිරීක්ෂණය කළහ.

ලංකා ඉතිහාසයේ ගමන්මග මිහින්තලාවෙන් වෙනස්වුවාක් මෙන් ලංකා ඉතිහාසයේ දුම්රිය ගමන් මාවත වෙනස්වීම අද දිනයේ දී ආරම්භ වන බව ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය. මිහින්තලේ අපනයන කලාපය සැකසීමත් සමග උතුර , උතුරු මැද හා නැගෙනහිර පළාත්වල නිෂ්පාදනය කරන භාණ්ඩ මිහින්තලයේ ගබඩා සංකිර්ණයකට රැසක අගය එකතු කිරිමෙන් පසුව දුම්රිය මගින් කොළඹ වරායට රැගෙන ඒමටත් , ආනයනය කරන භාණ්ඩ දුම්රිය හරහා මිහින්තලයට රැගෙන විත් පළා්ත් තුන තුළ බෙදා හැරිමටත් පහසුකම් සැලසේ. ඒ තුළින් මහාමාර්ග ඔස්සේ දිනපතා කන්ටේනර් ධාවනය කිරිමෙන් ඇතිවන වාහන තදබදය ද අවම කරගත හැකියි. ලොකයේ බොහෝ දියුණු රටවල් භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්නේ දුම්රිය සේවාව වන අතර එය වඩාත් පහසු හා ලාභදායි ක්‍රමවේදයක් යනාදි වශයෙන් ද අමාත්‍යවරයා කරුණු දැක්වී ය.

ශ්‍රී ලංකාව ගෙවිමට ඇති ණය තත්ත්වන් ගැන ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේය.

දැනට කල්පිරිමට ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 36 කි . කවර ආණ්ඩවක් පැවැතියත් ඉදිරි වසර පහ හය තුළ ඉන් සියයට 37 ක් ගෙවිය හැකියි. අවුරුදු 6 ත් 20 ත් අතර මුළු මුදලින් සියයට පනස් එකක් ගෙවිය යුතු වේ. එම අවුරුදු 20න් පසුවත් සියයට 12ක ණය මුදලක් ගෙවීම කළ යුතුයි. මේ නිසා කවර ආණ්ඩුවක් බලයට පැමිණියත් මෙම ණය ගෙවීමට නිසි වැඩපිළිවෙළක් නොපවතින්නේ නම් , රට අනතුරට ලක්වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපතිතුමාගේ මැදිහත් විමෙන් සැප්තැම්බර් මාසයේ දී විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරිමට කටයුතු කරමින් සිටින බවත් , එසේ වුව හොත් එළඹෙන වසර සුබදායි වසරක් වනු ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය. යථාර්ථය තේරුම් ගෙන කළ යුතු දේ ඵලදායි ලෙස කරන්නට උත්සාහ ගන්නා බවත් , අත් හැර දමා තිබෙන මෙවැනි සම්පත් ප්‍රයෝජනයට ගැනිමට උත්සාහ කරන්නේ ඒ නිසා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා, අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරිවරුන් වන එච්.එම් . කේ .ඩබ්ලිව් . බණ්ඩාර, වි.එස්. පොල්වත්තගේ යන මහත්වරුන් , උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ටී.එම් .ආර්. සිරිපාල , අනුරාධපුර දුම්රිය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරි පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අනුරාධපුරයදි ස්ත්‍රික් මාධ්‍ය ඒකකය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka