gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැරදි කොන්ත්‍රාත්තුවක් දී කායවර්ධන ක්‍රීඩකයා ඝාතනය කරවූ ආමි සමන්ත අත්අඩංගුවට!

මීගමුව පිටිපන ලෙල්ලමේ දී ලෙල්ලමේ රථගාල පරිපාලක ලෙස කටයුතු කළ තරුණ කායවර්ධන ක්‍රීඩකයාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන් බී.පී. සමන්ත (45) නොහොත් ආමි සමන්ත නැමැත්තා  මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ  විසින් අත් අඩංගුවට ගෙන ඊයේ (15) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

අනතුරුව ලබන 29 වැනි දින දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස  මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්‍ෂ නියෝග කර ඇත.
 
යුද හමුදාවේ ද සේවය කර ඇති  මෙම පුද්ගලයා  බඩල්ගම කෙහෙල්ඇල්ලේ පදිංචිකරුවකි.  ඔහු  මුදල් පොලියට දීමේ ව්‍යාපාරයකට සම්බන්ධ අයකු බව පොලිසිය කියයි.

සිය බිරිය සමඟ ඝාතනයට ලක් වූ තරුණයා අනියම් සම්බන්ධයක් පවත්වන්නේ යැයි සැකකරමින් සැකකරු විසින් මේ තරුණයා කොන්ත්‍රාත්තුවක් දී මරා දමා ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයි  විමර්ශන අංශ පවසයි.

මීගමුව මහාධිකරණයේ මෙම පුද්ගලයාට එරෙහිව නඩු දෙකක් විභාග වෙමින් ඇති බවත්, එක්  අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු    රක්ෂිත බන්ධනාගාරගතව සිටිය දී  බිරිය අනියම් ඇසුරක් පවත්වා ඇති බවට   ලැබී තිබුණු තොරතුරු මත ඔහු මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී  ඇති බවත් විමර්ශකයින් හෙළි කරගෙන ඇත.


ඝාතනය කළ තරුණයා සමඟ සිය බිරිය අනියම් සම්බන්ධයක් පවත්වා ඇතැයි සැක කර ආමි සමන්ත මේ අපරාධය කළද සැබෑ ලෙසම ඔහුගේ බිරිය අනියම් සම්බන්ධයක් පවත්වා ඇත්තේ ඝාතනයට ලක් වූ තරුණයාගේ සමීපතමයකු වූ මාළු ව්‍යාපාරිකයකු සමඟ බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඒ මාළු ව්‍යාපාරිකයා පිටිපන ලෙල්ලම හොල්ලාගෙන සිටින පුද්ගලයකු බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙන බවද එම නිලධාරියා කීවේය.

වෙඩි තැබීමට පෙර වෙඩි තැබීම සැලසුම් කිරීමට ආමි සමන්ත ලෙල්ලමට යතුරුපැදියකින් පැමිණ ඇති බවද අනාවරණය වී තිබේ. එම යතුරුපැදියත් මේ පුද්ගලයාට අයත් ජංගම දුරකථනයකුත්  විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka