නඩුවකට පෙනී නොසිටි වසන්ත මුදලිගේ, ධනීෂ් අලී හා උදයකුමාරන්ට වරෙන්තු!
අරගලයේ ක්‍රියාකාරීන් වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ධනීෂ් අලී, හා උදයකුමාරන් විජේ යන තිදෙනාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) වරෙන්තු නිකුත් කළේ ය.
ඒ, අරගල සමයේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට කළ විරෝධතාවකට අදාළව පවතින නඩුවකට, අද දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙනි.
මෙම නඩුවට අදාළව සමාජවාදී තරුණ සංගමයේ කැඳවුම්කරු එරංග ගුණසේකර, වෙනසක තාරුණ්‍ය සංවිධානයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු 15 දෙනෙකු විත්තිකරුවන් කරමින් අදාළ නඩුව ගොනු කර තිබේ.
නඩුව යළි සලකා බැලීම නොවැම්බර් මස 17 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.
ඒ, අරගල සමයේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට කළ විරෝධතාවකට අදාළව පවතින නඩුවකට, අද දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙනි.
මෙම නඩුවට අදාළව සමාජවාදී තරුණ සංගමයේ කැඳවුම්කරු එරංග ගුණසේකර, වෙනසක තාරුණ්‍ය සංවිධානයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු 15 දෙනෙකු විත්තිකරුවන් කරමින් අදාළ නඩුව ගොනු කර තිබේ.
නඩුව යළි සලකා බැලීම නොවැම්බර් මස 17 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.
නඩුවකට පෙනී නොසිටි වසන්ත මුදලිගේ, ධනීෂ් අලී හා උදයකුමාරන්ට වරෙන්තු!
2023-07-15T07:52:00+05:30
Lanka Hot News