gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

13න් බලය බෙදනකොට අපි ඉන්දියාව අනුගමනය කල යුතුයි - වික්ටර් අයිවන්

රට ඉදිරියට යාමට නම් ජාති, ආගම් කුලභේද අමතක කර සියලු දෙනා එක්වී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කල යුතු යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් ලබා දෙමින් ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

“13න් බලය බෙදනකොට අපි ඉන්දියාව අනුගමනය කල යුතුයි. මොකද කියනවනම් ඉන්දියාව හැම ප්‍රාන්තයකටම එකම විදියකට නෙවෙයි බලය දීල තියෙන්නේ. සමහර ඒවට වැඩිපුර බලය දීල තියෙනව. සමහර ඒවට දීල තියෙන්නේ ටිකයි. ඒකෙන් තේරෙන්නෙ බලය බෙදීම එකම විදියකට වෙන්න ඕන නැහැ කියන එක. ඕනනම් අපිට පුලුවන් අවුරුදු කිහිපයකට උතුරට බලය බෙදා දීල කෙහොමද පාලනය වෙන්නෙ කියල බලන්න. හොඳට වැඩ පිළිවෙල යනවනම් අපිට පුලුවන් අනිත් අවශ්‍ය අයටත් ඒ විදියට බලය බෙදල දෙන්න. සමහර දේවල් වලදී අපේ පැත්තෙනුත් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. අපි මේ දිහා අලුත් විදියටකට බැලිය යුතුයි. දැනට තියෙන තත්වය පදනම් කරගෙන වඩා අලුත් විදියකට බලන්න ඕන. ඒ බලන අලුත් විදිය රටට යහපත් වුනොත් සුළු ජාතීන්ටත් යහපත් වුනොත් ඉන්දියාව ඇතුළු වෙනත් රටවල් අපිට ඇඟිලි ගහන්න එන්නේ නැහැ” යැයි ඒ මහතා පැවසීය.

“බලය බෙදන ක්‍රියාවලියේදී සියලුම පක්ෂ එකට එකතුවී සාකච්ඡා කල යුතුයි. සාකච්ඡා කරල, විවාද කරල තමයි හරි තීරණයක් ගන්න ඕන. බලය බෙදීමක් කියන්නේ රට බෙදනව කියන එක නෙවෙයි. ඒක බොරු කතාවක්, බොරු තර්කයක් ඒක. ඒක එහෙම කියනවනම් බලය බෙදා දීපු ඉන්දියාවට මොකක්ද වෙලා තියෙන්නේ. එතකොට ස්විස්ටර්ලන්තයෙ තියෙන්නෙත් බලය බෙදීමක්. ඒක අපි වගේ පොඩි රටක්. එතකොට බෙල්ජියම ගත්තොත් අපිටත් වඩා පොඩි රටක්. එහේ තියෙන්නෙත් තද බලය බෙදීමක්. හැබැයි රට බෙදිල නැහැ. ඒ රටවල් බලය බෙදපු එක ගැන අපි අධ්‍යයනය කල යුතුයි. අපි ඒ තැනට යන කොට දේශපාලන ක්‍රමය, සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමය ගැන ගැඹුරු ලෙස සාකච්ඡා කල යුතුයි. ඒක තනියෙන් කල යුතු වැඩක් නෙවෙයි. සියලු පක්ෂ එකතු වෙලා කලයුතු දෙයක්. එහෙම වුනාම තමයි සියලු දෙනාට පිළිගත හැකි බලය බෙදා හැරීමේ වැඩ පිළිවෙලකට එකඟ වෙන්න පුලුවන් වෙන්නෙ. එහෙම එකතුවක් ඇති වුනොත් දේශපාලන ක්‍රමයේ තිබෙන අවුල් සහගත තත්වයන්ද අපිට විසඳගන්න පුලුවන්. අවශ්‍යනම් අලුත් ව්‍යවස්ථාවක් ඇති කරගැනීම සඳහාත් අපිට එය හවුල් කර ගත හැකි” බව වික්ටර් අයිවන් මහතා පවසයි.

ඕනෑම දෙයක් රටේ වෙනස් කරන්න හදනවනම් ඒක දේශපාලන පක්ෂ අතර විතරක් කතා කරල වැඩක් නැහැ.ඒකෙ වැදගත්ම දෙයක් වෙන්න ඕන මහජනයාව දැනුවත් කිරීම. ඒකට හොඳම උදාහරණ තමයි ඉන්දියාව, දකුණු අප්‍රිකාව වගේ රටවල්.

ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි ලංකාව බංකොලොත් භාවයට පත්වීමේ අර්බුදයත් සියලු දෙනා එකට එකතුවෙලා වාද විවාද කරමින් ඒකට සුදුසු වැඩසටහනක් ඇති කරගනිමින් ජයගත යුතුව තිබුණු ප්‍රශ්නයක්. මේක ආණ්ඩුව විතරක් කර ගැසිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි. අනෙකුත් සියලු පක්ෂත් මේකට කර ගැසිය යුතුව තිබුණා. මේක මග නොහැරිය යුතුව තිබුණා. අඩු තරමේ අපි දැන්වත් මේක බුද්ධිමත්ව විසඳාගත යුතුයි.

සමාජ ක්‍රමයේ තිබුනු බෙදීම්, කුල අනුව බෙදීම්,ආගම් අනුව බෙදීම්, සංස්කෘතිය අනුව බෙදීම්, තිබුණා මේ බෙදීම් අනාගතයට අවශ්‍ය නැහැ කියල ඉන්දියාව දැනගෙන ඒ අනුව කටයුතු කලා. ඒකයි අද ඉන්දියාව මේ තියෙන තැනට එන්න පුලුවන්වෙලා තියෙන්නේ.

අපි ඉන්දියාවත් එක්ක එකට වැඩ කල යුතුයි. ලෝක බලතුලනයේදී ඉදිරියේ ප්‍රධාන සාධකය වන්නේ ඉන්දියාවයි. එසේම ඉන්දියාවත් එක්ක අපි එකට වැඩ කලොත් අපිට දියුණු වෙන්න තියෙන ඉඩකඩ බොහෝ වැඩි බවද තවදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පැවසීය .

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka