gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පඩු කරද ගස තිබුනේ ලංකාවේ විතරමයි.. එය ගැලවීමට නීතිය ඇමති මණ්ඩලය​ම අත්අඩංගුව​ට ගෙන මාසයක් හිරේ දැමිමයි - ගම්මන්පිල

වනජීවි සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 43 වගන්තිය අනුව ආරක්ෂිත වර්ගයේ ගසක් ලෙස හදුනාගෙන ඇති පඬුකරඳ ශාකය කපා විනාශ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩලයට මාසක සිර දඬුවමක් ලබා දිය හැකි බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ අද දින (17) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ඇමති මණ්ඩල තීරණයක් අනුව මධ්‍යම අධිවේගි මාර්ගයට මැදි වුණු පඬුකරඳ ගස කපා දමා විනාශ කරලා. මුල් අවස්ථාවේ ලෝකයේ තිබෙන එකම පඬුකරඳ ගස ලෙස මේක හඳුනා ගත්තත් දැන් අපට ගස් 7ක් තිබෙනවා. පැල 20ක් සිටුවා තිබෙනවා. තවත් 200ක් සිටවනවා යනාදි වශයෙන් ආණ්ඩුව මේ ගස කපා දැමීම සාධාරණ කරන්න දැවැන්ත වෑයමක් දරනවා. මොන සුන්දර කතා කිව්වත් ඒ ගස කපා දැමීම සාධාරණ කරන්න බෑ. මොකද ඒ ක්‍රියාව නීති විරෝධියි.

වනජීවි සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 43 වගන්තිය අනුව අට වන උපලේඛණයේ දැක්වෙන ආරක්ෂිත වර්ගයේ ගසකට හානි කරන්න බෑ. මේ අටවන උපලේඛණයේ පැබේසියේ කුලකයේ පැලෑටියක් ලෙස කෘෘඩියා සිලැනිකා නැතිනම් පඬුකරඳ ගසත් තිබෙනවා. එහෙම නම් මේ පනත සංශෝධනය නොකර ඒ ගස කපා දැමීම නීති විරෝධියි විතරක් නොවේ මාසයක සිර දඬුවමක් ලැබිය යුතු වරදක්.

දැන් මේ පඬුකරඳ ගස කපා දමන්නේ ඇමති මණ්ඩල තීන්දුවකින්. එහෙම නම් වනජීවි සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 43 වන වගන්තිය උල්ලංඝණය කරලා තිබෙන්නේ වෙන කවුරුවත් නොවේ, ඇමති මණ්ඩලයයි. එහෙම නම් දැන් පොලිසිය විසින් ඇමති මණ්ඩලය අත්අඩංගුවට ගත යුතුයි.


ඇමති මණ්ඩලය හිතනවා නම් තමන් නීතියට උඩින් ඉන්නේ. අපි ලොක්කන්. නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ පොඩ්ඩන්ට පමණයි කියලා ඒ අයට වැරදිලා. ඇමති මණ්ඩල තීරණ හරහා නීති උල්ලංඝණය කිරීමේ හැකියාවක් නෑ. සාමාන්‍ය ජනතාවට ආදර්ශයක් වෙන්න ඇමති මණ්ඩලය නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමයි හරි නම් වෙන්න ඕනෑ. රටේ ඉහළම ආයතනය වන ඇමති මණ්ඩලය අණ පනත් උල්ලංඝණය කරන විට පොලිස් නිලධාරින් අන් අයට නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

පොලිසියට ඉතිහාසය පුරා තිබෙන චෝදනාවක් තමයි ලොක්කන් දැක හැකිලෙන්නේ පොඩ්ඩන් හට පුප්පන්නේ කියන එක. ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න දැන් ඔන්න පොලිසියට ස්වර්ණමය අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ගරු පොලිස්පතිතුමනි, මේ ඔබේ අවධානයටයි.


මේ ගස ගලවා වෙනත් තැනක සිටුවීමට පරිසර අධිකාරිය නියම කර තිබිය දී තමයි ඇමති මණ්ඩලය ගස විනාශ කිරීමට තීන්දු කරන්නේ. තනි ගසක් රැක ගැනීමට මෙතරම් උනන්දුවක් ඇයි කියලා සමහරු අහනවා. පරිසර පිස්සුවක් කියලා සමහරු කියනවා. නමුත් පඬුකරඳ පැලෑටිය මුළු ලෝකයේම තිබෙන්නේ ලංකාවේ විතරයි. ඒ ගස ලෝකයෙන්ම අතුරුදහන් වෙලා ඇතැයි විශ්වාස කරපු යුගයකුත් තිබුණා. අදටත් ලංකාවේ තිබෙන්නේ ගස් කිහිපයක් විතරයි.

මිනිසුන් මුහුණ දෙන සෑම ප්‍රශ්නයකටම පිලිතුරු මේ පරිසරය තුලම තිබෙනවා. සමහර පැලෑටි කුමන රෝගයකට ඖෂධයක් වෙනවා ද කියන එක තවම සොයා ගෙන නෑ. පඬුකරඳ ගසෙන් මොන මොන රෝග වලට ඖෂධ නිපදවන්න පුළුවන් ද කියන එක තවම හඳුනා ගෙන නෑ. ඒ අතරේ මේ ගස වඳ වෙලා මෙලොවෙන් අතුරුදහන් වුණොත් යම් රෝගයක් සුවපත් කරන්න තිබෙන අවස්ථාව සදහටම අහිමි වෙනවා. අන්න ඒකයි අපි මේ වඳ වෙන ගස් රැකිය යුත්තේ.


1911 වර්ෂය වන විට මේ ගස ලෝකෙන්ම අතුරුදහන් වී තිබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. 2012 වර්ෂයේ පඬුකරඳ ශාකය නැවත සොයාගන්නා තුරු වසර 101 පුරාවට මෙය සැලකුවේ ලෝකයෙන් වඳවී ගිය ශාකයක් විදිහට. පඬුකරඳ ගස් හමුවන්නේ ගම්පහ මිනුවන්ගොඩ කඩුවෙල වැනි පෙදෙස් ආශිතවයි. නමුත් ආණ්ඩුව මේවා උත්සවාකාරයෙන් සිටුවන්නේ කතරගම සහ අනුරාධපුරයේ. මිරිදිය වගුරුබිම් ආශිතව වැවෙන මෙම ශාකය ශුෂ්ක කලාපයේ සිටුවනවා. ඉන් මේ පලැටියේ පැවැත්ම තහවුරු වන්නේ නෑ. මෙම පැලෑටිය ගැන මෙලෝ අධ්‍යයනයකින් තොරව තමයි මේ පැල සිටුවන්නේ. ඊට වගේම ඔවුන් දිගින් දිගටම මාධ්‍ය වල කිව්වා මේ පැලෑටිය තර්ජනයට ලක්වෙලා නැහැ මේ පැළෑටිය රතු දත්ත පොතෙන් ද අයින් කරලයි තියෙන්නෙ කියලා. මෙය රතු දත්ත පොතේ වඳ වූ වර්ගයේ ශාක වලින් ඉවත් කර තිබුණත් වඳවීමේ තර්ජනයට බරපතල ලෙස ලක් වී ඇති ශාක ගණයට ඇතුලත් කර තියෙනවා. මෙය රතු දත්ත පොතෙන් ඉවත් වී ඇතැයි කීම පට්ටපල් බොරුවක්.


පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව කාර්යාලයෙන් රතු දත්ත පොත අවසාන වරට නිකුත් වී තිබෙන්නේ 2020 වසරේ. එහි 143 වන පිටුවේ කෘෘඩියා සිලැනිකා නමින් පඬුකරඳ ශාකය සඳහන් වනවා.

ඒ වගේම වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා දඬුවම් ලැබීමට නියමිතයි අධිකරණයට අපහාස කිරීමේ හේතුව යටතේ. මේ ගස පිළිබඳව නඩුවක් පැවරූ අවස්ථාවේ නඩුව සමථයකට පත් වෙන්නේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණයට පොරොන්දුවක් දෙනවා මේකෙන් මේ ගස ඉවත් කරනවා නම් එය වෙනත් තැනක රෝපණය කර බලා ගන්නවා කියලා. අධිකරණයට ලබාදුන් ඒ ප්‍රතිඥාව ද අමු අමුවේ උල්ලංඝනය කර වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කර තිබෙනවා.

– media unit
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka