gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ඒක තනිකරම කපුටු කමිටුවක් – බැසිල් තමා මේකේ මහමොළකරු” – ගම්මන්පිල

රට බංකොලොත් වීම පිළිබද සොයාබලන කමිටුව කපුටු කමිටුවක් හෙයින් එය ප්‍රතික්ෂේප කිරීමට විපක්ෂය ලෙස තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවා.

ඒ, ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි.

එම කමිටුව හරියට කරවල අතුරුදහන් වීම ගැන සොයා බැලීමට පූසන් පත්කළා වැනි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”බැසිල් රාජපක්ෂ රටේ අර්බුදයක් හැදුවේ. ඒ ඔහුට මැතිවරණයෙන් ජනාධිපතිවෙන්න බැරි නිසා ඔලුගෙඩි වලින් ජනාධිපති වෙන්න.අපි මේ අර්බුදය එන්න කලින් අපි විසදුම් කිව්වා ක්‍රියාත්මක කළේ නෑ.අර්බුදය කළ කෙනාගේ ගෝලබාලයන් දාලා තියෙන එකට අපිට සම්මාදම් වෙන්න බෑ.අර්බුදය කළමනාකරණය කිරීම හිතාමතා මග ඇරියේ බැසිල් රාජපක්ෂ. කරවල අතුරුදහන් වීම පිළිබද සොයාබලන්න පූසන් විතරක් පත්කිරීම වගේ මේක මේ කමිටුවත්.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka