මහ බැංකු රහස් කලින් ම රේනෝ අතටQ සම්පත් බැංකුවේ 10%ක් කොටස් ගනී!
පසුගිය සතියේ දුමින්ද සිල්වාගේ සොහොයුරු හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා සම්පත් බැංකුවේ 10%ක් කොටස් මිලට ගත් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පවසයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග බැංකු ටික කඩා වැටෙනු ඇතැයි ජනතාව අතර බියක් පැවැති මොහොතක රේනෝ සිල්වාට සම්පත් බැංකුවේ කොටස් මිලට ගැනීමට තරම් විශ්වාසයක් ඇති වූයේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කරයි.
ප්‍රතිව්‍යුහගත කරන්නේ බැංකු සතු වත්කම් නොව ETF සහ EPF යන ජනතාවගේ මුදල් බව ඔහු මන්ත්‍රීවරුන්ටත් කලින් දැනගෙන ඇති බව ද මහ බැංකු අභ්‍යන්තර රහස් තොරතුරු පිටට ගොස් ඇති බවත් රාසමානික්කම් සඳහන් කරයි.
පෙරේදා (01) පාර්ලිමේන්තුව අමතමින් තෙතෙම මේ බව කීය.
මහ බැංකු රහස් කලින් ම රේනෝ අතටQ සම්පත් බැංකුවේ 10%ක් කොටස් ගනී!
2023-07-03T11:30:00+05:30
Lanka Hot News






