gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කුරුන්දි පුරාණ විහාර භූමියේ ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පොංගල් උත්සවයක් තියන්න උත්සාහ කරයි… කුරුන්දි පුදබිම රත් වෙයි!

කුරුන්දි රජ මහා විහාර භූමියේ පොන්ගල් උත්සවයක්  මුවාවෙන් සැලසුම් සහගතව සිදුකළ බලහත්කාර අත්පත් කරගැනීමක් සඳහා වූ උත්සාහයක් දැඩි උණුසුම් සහගත  තතත්වයක් තුළ පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් වළක්වා තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

කුරුන්දි විහාරයේ සහ සපුමල්ගස්කඩ විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි  හිමියන් විසින් පෙරේදා දිනය තුළ විශේෂ වීඩියෝ පටයක් නිකුත් කරමින් ඊයේ (14) දින තුළ උතුරු නැගෙනහිර බෙදුම්වාදී තරුණ කණ්ඩායම් මෙහෙයවමින් විහාර භූමිය තුළ ආගමික උත්සවයක් මුවාවෙන් කඩකප්පල්කාරී කටයුත්තක් සූදානම් කරන බවත්, චිරාත් කාලයක් පැවති බෞද්ධ හින්දු සංහිඳියාව උතුරේ ප්‍රධානම මහා විහාර භූමිය තුළම විනාශ කරන්නට යම් පිරිසක් උත්සාහ කරන බවත් රටට දන්වා සිටියහ.

කුරුන්දි අට්ඨකතාව ලියැවුන උතුරේ විශාලම බෞද්ධ සිද්ධස්ථානය වූ කුරුන්දි පූජා භූමිය තුළ කිසිම හින්දු සංකේතයක් හෝ හමුනොවන බව පුරවිද්‍යා නිලධාරීන් විසින් විද්‍යාත්මකව තහවුරු කර ඇති පසුබිමක මේ පුදබිමක් මුල් කරගෙන අනවශ්‍ය ආගමික ගැටුමක් ඇතිවීම නතර කර දෙන ලෙස උන්වහන්සේ   අඟහරුවාදා  (11) උදෑසන මුලතිව් පොලිසියට ගොස් පැමිණිල්ලක් සටහන් කරමින් ඉල්ලා සිටියහ.

පොලීසිය මේ තත්ත්වය සමාලෝචනය කර  මුලතිව් අධිකරණයට පෙරේදා  (13) කරුණු වාර්තා කොට එම උත්සවය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන්  ඉල්ලා  සිටියේය. නමුත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.
 
මේ අවසරයත් සමග  අද උදෑසන කුරුන්දි පුදබිමට සෙල්වරාජා ගජේන්ද්‍රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුලු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකගේ මූලිකත්වයෙන් විශාල පිරිසක් කුරුන්දි විහාරයට ඇතුළු වී  පොංගල් උත්සවයක් පැවැත්වීමට සූදානම් විය.

එම අවස්ථාව වන විට කුරුන්දි විහාරාධිපති ඝංඝබෝධි හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් විහාරස්ථානයේ බුද්ධ වන්දනා පින්කමක් සූදානම් කර එම පූජාවේ නිරත වී සිටියහ.

මේ අවස්ථාවේ දී පූජා භූමියේ  පොලිස් නිලධාරීන් හා පුරාවිද්‍යා නිලධාරීන් ද රැඳී සිටියේය.

මහත් පිරිසක් එක්ව පොන්ගල් පූජාව පැවැත්වීම සඳහා විශාල ලිපක් බැඳ පූරාවස්තු සහිත භූමියේ ගිනි දල්වන්නට සැරසුන විට පුරාවිද්‍යා නිලධාරීහු ඊට විරුද්ධ වූහ. පොලිසිය ඒ අවස්ථාවේ දී සිද්ධියට මැදිහත් වූයේය.  පුරවිද්‍යා ආඥා පනතින් ආවරණය වන්නේ රටේ නීතිය බව පොලිිසිය පිරිසට පැහැදිලි කර දී නීති විරෝධී කිසිවක් නොකරන ලෙස අවවාද කළේය.

පසුව එම පිරිස පුදබිමේ ලිප ගිනි මෙලවීමෙන් වැළකී මල් පහන් පුජාවක් සිදුකර විසිර ගොස් තිබිණි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka