වත්මන් ආණ්ඩුව පිළිබඳව ජනතා අනුමැතිය ඉහළ ගොස් ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
2022 ඔක්තෝබර් සහ 2023 පෙබරවාරි මාස වලට සාපේක්ෂව ඉකුත් ජූලි මාසය වනවිට ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය දී ගුණයකින් වර්ධනය වී ඇතැයි ඔවුන්ගේ නවතම වාර්තාවේ දැක්වේ.
ඒ අනුව ආණ්ඩුව ආණ්ඩුවේ වැඩ කටයුතු පිළිබඳ ජනතා අනුමැතිය 21%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේ ඔක්තෝබර් සහ මෙම වසරේ පෙබරවාරි කාලය තුළ එම අනුමැතිය 10%ක් පමණක් විය.
සමීක්ෂණයට අනුව ජනතාවගෙන් 8%ක් රටේ ආර්ථිකය විශිෂ්ට මට්ටමක තිබෙන බවට විශ්වාස කරන අතර, 26.6%ක් ආර්ථිකය යහපත් මට්ටමක පවතින බව විශ්වාස කරයි. ජනගහණයෙන් 28.8%ක් ආර්ථිකය යහපත් තත්ත්වයට පත් වෙමින් තිබෙන බවට විශ්වාසයෙන් සිටියි.