රටේ බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මගින් නීතිමය ප්‍රතිපාදන ඉදිරිපත් කර ඇති බැවින් තැන්පත්කරුවන්ගේ තැන්පත් වෙනුවෙන් සෑම බැංකුවකම රක්ෂණයක් ඇති කිරීම අනිවාර්ය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.
බැංකු විශේෂ විධිවිධාන පනත රටේ ආර්ථිකයට ඉතාම වැදගත් බවත් එමගින් ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිමය රාමුවක් හදන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.
මෙම අලුත් පනතින් මුල්‍ය ආයතනයක ස්ථායිතාවය යම් ආකාරයකට අඩුවෙනවා නම් ඒ සදහා ඍජුවම මහ බැංකුවට මැදිහත් වීමට පුළුවන් බවද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තවදුරටත් සදහන් කළේ,
“අපේ රටේ බැංකු තැන්පත්කරුවන් ඉන්නවා පන්කෝටි හැත්තෑ දෙලක්ෂයක්. මේ අයගේ මුදල් තියෙනවා රු ත්‍රිලියන 15ක්. මෙන්න මේක ආරක්ෂා කරගන්න ඕනේ. පහුගිය දිනවලත් තිබුණේ මේ තැන්පතුවල ආරක්ෂාව ගැනනේ මහා ආන්දෝලනයක්.
අපි දැක්කා බොහෝවිට මුල්‍ය ආයතන අසීරුවට පත්වුණාම තැන්පතුකරුවන් මුහුණදෙන තත්ත්වයන්. මේ අලුත් පනතින් වෙන්නේ මුල්‍ය ආයතනයක ස්ථායිතාවය යම් ආකාරයකට අඩුවෙනවා නම් එදාට වඩා ඍජුව මහ බැංකුවට වහාම ඒකට මැදිහත් වෙන්න පුළුවන්.
ඊට වඩා ඍජු වැඩපිළිවෙලක් මහ බැංකුවට ඒකට යොදන්න පුළුවන්. වැදගත්ම දේ හැම බැංකුවක්ම තමන්ගේ තැන්පතුකරුවන්ගේ තැන්පතු වෙනුවෙන් රක්ෂණයක් ඇති කර ගැනීම අනිවාර්ය කරනවා මේ පනත මඟින්. ඒ තුළින් බැංකු තැන්පතුකරුවන් ඉතාම ආරක්ෂාකාරී තැනකට පත්වෙනවා තමන්ගේ තැන්පතු සම්බන්ධයෙන්.”