චමෝදිගේ මරණයට සැක ceftriaxone ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරයි
පේරාදෙණිය රෝහලේ දි එන්නතක් ලබා දීමෙන් තරුණියක් මිය යැමෙන් පසු මරණයට තුඩුදුන් බවට සැක කරන සෙෆ්ට්‍රිඇක්සෝන් (ceftriaxone) නැමැති ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
මෙසේ ඉවත් කළ ඖෂධ තොගය අද (13) දිනයේදී රසායනාගාර පර්යේෂණයක් සදහා රජයේ තත්ත්ව පාලන රසායනාගාරය වෙත ගෙන එමට නියමිත බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර ලංකාසර කළ විමසුමකදී සඳහන් කළේය.
මෙම එන්නත් තොගය සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරක් ලබා දිය හැක්කේ රසායනාගාර පරික්ෂණයෙන් අනතුරුව යැයිද හෙතෙම පැවසුවේය.
චමෝදිගේ මරණයට සැක ceftriaxone ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරයි
2023-07-13T15:52:00+05:30
Lanka Hot News






