රෝයල් පාක් ඝාතන නඩුවේ විත්තිකාර ජූඩ් ශ්‍යාමන්ත ජයමහ නමැත්තාට අභියාචනාධිකරණය විසින් නියම කර තිබූ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ලෙසට ලිහිල් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පොදු සමාවක් ලබාදී ඇත්තේ ඔහුගේ තනි අභිමතයට නොව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණ අමාත්‍යවරයා මෙන්ම විශේෂ කමිටුවක් විසින් ලබාදී තිබූ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව වන්නේ යැයි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා ඊයේ (13දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවැසීය.
හිටපු ජනාධිපතිවරයා විසින් ලබාදුන් එකී පොදු සමාව අනුව එදින ඔහු පමණක් නොව තවත් 70 දෙනකුගේ මරණ දඬුවම් ජීවිතාන්ත සිරදඬුවම් බවට පත්වී ඇතැයිද අධිකරණයට පැවැසූ ජනාධිපති නීතිඥවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවී ඇති එකී විශේෂ වරප්‍රසාදය එදා මෙදාතුර පත්වූ සියලුම ජනාධිපතිවරුන් භාවිත කර ඇතැයිද පැවැසීය.
පොදු සමාව ලබාදීමේ පළමු අදියර ලෙස එකී විත්තිකරු සම්බන්ධයෙන් එලෙස කටයුතු කර ඇති මෛත්‍රිපාල සිරිසේන දෙවන පියවර ලෙස ඔහු සම්පූර්ණ දඬුවමින් මුදාහරිමින් නිර්දේශ ලබාදී ඇත්තේද පාර්ලිමේන්තුව නියෝජනය කරන ගිහි පැවිදි මන්ත්‍රීවරුන් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම විත්තිකරුගේ මව කළ විශේෂ ඉල්ලීම් සලකා බලා දැන උගත් තරුණයකු වන විත්තිකරුට සමාජගත වීමට ඉඩදෙමින් වන්නේ යැයි ද නිතිඥවරයා පැවැසීය.
හිටපු ජනාධිපතිවරයා යහපත් පරමාර්ථයෙන් සිදුකළ ක්‍රියාව ඝාතනයට ලක්වූයේ යැයි කියන තරුණියගේ දෙමව්පියන් හෝ වෙනත් අගතියටපත් පාර්ශ්වයක් අභියෝගයට ලක්කර නැති බවත් බාහිර පාර්ශ්වයක් එම පොදු සමාව අභියෝගයට ලක්කිරීමේ පරමාර්ථය කුමක් දැයි සලකා බැලිය යුතු බවත් නීතිඥවරයා පැවැසීය.
එකී පොදු සමාව ලබාදීමේදී හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නිසි ලෙස අනුගමනය කර නැති බවට චෝදනා එල්ල වන්නේ නම් ඒ පිළිබඳ පවසනුයේ කුමක් දැයි විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ එස්. තුරෙයිරාජා මෙන්ම
විනිසුරු යසන්ත කෝදාගොඩ හා විනිසුරු ජනක් ද සිල්වා යන ජනාධිපති නීතිඥවරයාගෙන් විමසා සිටියහ.
එකී ක්‍රියාදාමයේදී සිය සේවාදායකයා ඔහුගේ උපරිමයෙන් නිසි ප්‍රතිපාදන අනුගමනය කරමින් යහපත් පරමාර්ථයෙන් කටයුතු කර ඇතැයිද ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා විනිසුරු මඬුල්ලට පැවැසීය.
මරණ දඬුවම නියම වූ ජූඩ් ශ්‍යාමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කිරීම අභියෝගයට ලක්කරමින් කාන්තාමාධ්‍ය එකමුතුව විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම පවරා තිබිණි.
එම පෙත්සම ඊයේ (13දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී කැඳවිණි. ඒ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා එලෙස පැවැසීය.

ඒ. ජේ. ඒ. අබේනායක