gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මෛත්‍රී පාස්කු වන්දිය ගෙවන්න කල් ඉල්ලයි?

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසට  වන්දි ගෙවීම සදහා අධිකරණය බලා දුන් කාලය හෙටින් අවසන් වීමට නියමිතව ඇති පසු බිමක වන්දි මුදල ගෙවීම සඳහා කල් ඉල්ලීමේ සැලසුමක් පිළිබඳව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මෙම නඩුවේ තින්දුව ඉකුත් ජනවාරියේ දී ප්‍රකාශයට පත් කරමින් අධිකරණය නියෝග කළේ මාස හයක් ඇතුළත හිටපු ජනාධිපතිවරයාට රුපියල් කෝටි 10ක වන්දි මුලක් ගෙවන ලෙසය..
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ වන්දිය ගෙවීම සඳහා කල් ඉල්ලීමට අවශ්‍ය විශේෂඥ නීති උපදෙස් මේ වනවිට ලබා ගනිමින් සිටින බවය.

හිටපු ජනාධිපතිවරයාට නියම කළ වන්දි මුදල ගෙවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇතැම් පිරිස් මුදල් එකතු කර ඇති නමුත් එහි සමස්ථ එකතුව තවම ප්‍රකාශිතව නැත.

වන්දි මුදල ගෙවීමට නොහැකි වුවහොත් හිටපු ජනාධිපතිවරයා අධිකරණයට අපහාස කිරීමේ වරදට වරද කරුවෙක් වනු ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka