gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෙරහර කරන්න ඕන නම් විදුලි බිල ගෙවන්න… ඉතිහාසයේ පළමු වරට විදුලිබල මණ්ඩලය ශ්‍රී දළදා මාළිගාවට දන්වයි!

ලංකාවේ ප්‍රධානම රාජ්‍ය උත්සවයක් සේ ගැසට් කර ඇති සිංහලයේ මහා සංස්කෘතික මංගල්‍යය වූ මහනුවර ඇසළ මහා පෙරහර සඳහා විදුලිය සැපයීමට අවශ්‍ය නම් විදුලිය පිරිවැය සම්බන්ධව තමන් විසින් සකස් කළ පූර්ව ඇස්තමේන්තුවට අදාල රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ අනූ නව දහස් දහයක (13299010)  මුදල,  සාමාන්‍යධිකාරී විදුලි බල මණ්ඩලය නමින් ලියන ලද  චෙක්පතක් මගින් ගෙවීමට කටයුතු කරන ලෙස දන්වා ඉතිහාසයේ පළමු වරට  විදුලිබල මණ්ඩලය දළදා මාළිගාව සහ සතර මහා දේවාල වෙත ලිඛිතව දැනුම් දී  තිබේ.

මෙම  ඇස්තමේන්තුව  විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්.එස් බණ්ඩාර   ගේ අත්සනින් යුතුව ශ්‍රි දළදා මළිගාවේ දියවඩන නිලමේවරයා ඇතුළු සතර මහා දේවාල බස්නායක නිළමේවරුන් වෙත   යොමුකර ඇත.
 
පෙරහර වීදී සංචාරය කරන අගෝස්තු 21 සිට 31 දින දක්වා ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය, සතර දේවාල, පෙරහර වීදී සංචාරය කරන ප්‍රදේශ හා ජනතාව ගැවසෙන ස්ථාන වලට අවශ්‍යය අමතර විදුලි ආලෝකකරණ කටයුතු සහ අනෙකුත් විදුලි පිරිවැටුම් කටයුතු සඳහා මෙම පිරිවැය ඇස්තමේන්තුව සකස් කර තිබේ.

මෙම ඇස්තමේන්තුවට අනුව ශ්‍රී දළදා මාලිගාව මගින් ගෙවිය යුතුව ඇති මුදල  රුපියල්  34,12,479 කි. නාථ දේවාලය මගින් රුපියල්  11,22,145  ක් ද විෂ්ණු දේවාලය මගින් රුපියල් 13,68,385 ක් ද කතරගම දේවාලය මගින් 11,02,705  ක් ද පත්තිනි දේවාලය මගින් 11,02,705 ක් ද  ගෙවිය යුතු බව විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබේ.

මහනුවර නගරය තුළ පෙරහර ගමන් ගන්නා සියලුම වීදි ආලෝකරණය සඳහා විදුලි බල මණ්ඩලය රුපියල් 44,41,273 ක මුදලක් ද ජනක යන්ත්‍රය සඳහා වැයවන මුදල රුපියල්  7,49,215 ක මුදලක් ද වැය කරන බව මණ්ඩලය සකස් කළ ඇස්තමේන්තුවේ දැක් වේ.
 
මෙයට අනුව පෙරහර වෙනුවෙන් රුපියල් 1,32,99,010 ( එක් කෝටි තිස් දෙලක්ෂ දහයක) මුළු වියදමක් විදුලි බල මණ්ඩලය විදුලි ආලෝකය සැපයීම වෙනුවෙන් වැයකරන බව දැනුම් දී ඇත.

පෙරහර වෙනුවෙන් ශ්‍රී  දළදා මාලිගාව සහ සතර මහා දේවාල ආලෝකකරණය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කළ මුදල  සාමාන්‍යධිකාරී විදුලි බල මණ්ඩලය නමින් ලියන ලද  චෙක්පතක් මගින් ගෙවීම් කටයුතු කරන ලෙස ද විදුලි බල මණ්ඩලය දැනුම් දී තිබේ.

රජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කළ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ විදුලි ආලෝක කටයුතු වෙනුවෙන් මේ ආකාරයෙන් සතර මහා දේවාල වලට මුදල් ගෙවන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය බව බස්නායක නිළමේවරු පෙන්වා දෙති.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka