gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොලිස්පති පත්කිරීමේ තීන්දුව සඳුදාට?

ජනාධිපතිවරයා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලබා දුන් සේවා දිගුව ජුනි 25 වැනිදා අවසන් වුණා.

ඒ අනුව නව පොලිස්පතිවරයෙකු පත්කිරීම හෝ චන්දන වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේද යන්න මෙතෙක් තීරණය කර නැහැ.

එම පසුබිම තුළ දින 13කට ආසන්න කාලයක සිට පොලිස්පති පුටුව හිස්ව පවතිනවා.

ඊයේ පාර්ලිමේන්තුවේදී ද ඒ සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පොලිස්පති පත්කිරීම ප්‍රමාද වීම පිළිබඳව විමසා සිටියා.

එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ ඉදිරි හෝරා කිහිපයේදී ජනපති විසින් නව පොලිස්පතිවරයා පත්කිරීමට නියමිත බවයි.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වා තිබෙනවා.

වැඩබල පොලිස්පතිවරයෙකු පත්කිරීම හෝ චන්දන වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේද යන්න තීන්දු කරන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත දැනුම් දී ඇති බවයි.

බොහෝ දුරට නව පොලිස්පති පත් කිරීම හෝ චන්දන වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබා දීම සඳුදා දින සිදුවනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka