gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තමන් අමු කුණුහරපයෙන් බනින හඬ පටය සංසරණය වීම ඩයනාට අපකීර්තියක් ලු… ඉවත් කර දෙන්නැයි සී.අයි.ඩි ට කියයි…

ගංජා වගාව සම්න්ධව විමසූ ශාන් ගණේගොඩ නැමැති පුද්ගලයෙකුට  සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් අමු තිත්ත කුණුහරපයෙන් බැණ වදින සිදුවීමට අදාලව මේ වනවිට අන්තර්ජාලයේ  සැරිසරන හඬ පටය   ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍යවරිය පොලිසියෙන් ලිඛිතව  ඉල්ලා තිබේ.
සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ වෙත ලිපියක් යවමින් රාජ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා විසින් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන අදාල හඬ පටය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.
ශාන් ගනේගොඩ නමැති පුද්ගලයෙකු බදාදා (5) දින නැවත නැවතත් රාජ්‍ය අමාත්‍යවරියට දුරකථනයෙන් කරදර කළ බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
අනතුරුව  රාජ්‍ය අමාත්‍යවරියගේ ආරක්‍ෂක නිලධාරියා අදාළ පුද්ගලයාට නැවත දුරකථන ඇමතුමක් ලබා දී  ඔහුව ප්‍රශ්න කිරීමේ දී ඔහු තමන් ඇමතිවරියව විමසූ කාරණය පැහැදිලි කරන විට ඇමතිවරිය කෝපාවේශ වී අශ්ලීල කුණුහරපයෙන් බනින ආකාරය එම හඬ පටයේ සටහන්ව තිබේ.

මේ වන විට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන උක්ත හඬ පටය රාජ්‍ය අමාත්‍යවරියට අපකීර්තියක් ගෙන දෙන බැවින් එය  සංසරණය වීම වළක්වා  ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඇයගේ කාර්යාලය පොලිසියෙන් ඉල්ලා ඇත.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka