gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

මාරක වීඩියෝ ක්‍රීඩාවක නිරත වූ යාපනය සරසවි සිසුවෙක් ක්‍රීඩාවේ විධානයකට බය වී සිය දිවි හානි කරගනී!

මාරාන්තික හා ත්‍රාස ජනක ක්‍රියාවල නිරත වන ලෙසට විධාන ලැබෙන වීඩියෝ ක්‍රීඩාවක නිරත කිළිනොච්චිය විශ්වවිද්‍යාලයේ සිසුවකු අවසානයේදී බියට පත්ව ගෙළ වැළලාගෙන ඊයේ (15)  මිය ගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ පන්නෙයි ප්‍රදේශයේ පදිංචි සුබරාජා   එෂිල්නාත් ( 22) නැමති  සිසුවෙකි.
ඔහු සිය නිවසට පැමිණ සිටින අවස්ථාවකදී එම වීඩියෝ ක්‍රීඩාවේ නිරතව සිට ඇති අතර යම් විධානයක් නිසා ඔහු බියට පත්ව මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බවට සාක්කි ලැබී තිබේ.

එම වීඩියෝ ක්‍රීඩාවල ස්වභාවය වන්නේ  තමන් වෙත ලබා දෙන විවිධ අභියෝගවලට මුහුණ දෙමින් එම ක්‍රියාවල නිරත වෙමින් ඉදිරියට ගමන් කිරීමය.

මේ අන්දමටම වූ වීඩියෝ ක්‍රීඩාවක නිරත වූ යාපනයේ එක් විදුහලක සිසුවෙකු විදුහලේ තට්ටු ගොඩනැගිල්ලෙන් පහතට පැන තුවාල ලබා සිටියේ මීට මාස හතකට ඉහතදීය.


කිළිනොච්චිය විශ්ව විද්‍යාල සිසුවාටද එම ඉරණමම අයත් වී තිබූ අතර ඔහු ඔහුට ලබා දී තිබූ විධානය  ඉටුකිරීම වෙනුවට බියට පත්ව සිය දිවි හානි කරගෙන තිබුණි.

ඔහු එම පවුලේ සිටි එකම දරුවාවන අතර නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක එම වීඩියෝ ක්‍රීඩාවේ නිරතව මේ අන්දමට සියදිවි හානි කරගෙන ඇතැයි ද, ඊට පෙර ඔහු සිය මිතුරන්ට මේ පිළිබදව විස්තර හෙළිදරව් කොට ඇතැයි  ද විමර්ශන අංශ කියයි.
යාපනය ශීක්ෂණ රෝහලේදී මෙම මරණය  සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම කරුණු හෙළි වූ අතර  යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන  කටයුතු සිදු කරගෙන යයි.
-දිනසේන රතුගමගේ
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka