gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

‘උන්වහන්සේ කළේ සම්පූර්ණයෙන්ම නුසුදුසු ක්‍රියාවක්!’ පොලිස්පති ගැන එවූ ලියුමට කතානායකගෙන් කාදිනල් හිමිට ප්‍රහාරයක්!

පුරප්පාඩු වී පවතින පොලිස්පති ධූරය සදහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන් හෝ නිලන්ත ජයවර්ධන යන අයගේ නම් යෝජනා වුවහොත්, ඔවුන් පිළිබදව සලකා බැලීමක් හෝ නොකරන ලෙස, මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානෝ ව්‍යවස්ථා සභාවට ලිඛිතව දැනුම් දී තිබේ.

ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වන්නේ කතානායකයි.

මීළග පොලිස්පති ලෙස එක් අයෙකු තෝරා ගැනීම සදහා, සුදුසු පුද්ගලයන් තිදෙනෙකුගේ නම්, ජනාධිපතිවරයා විසින් අද දිනයේ දී ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

අද ඉදිරිපත් කිරීමට එකී නම් අතර, ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන, නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන අයගේ නම්ද තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

කාදිනල් රන්ජිත් හිමිපානෝ පවසන්නේ, ඔවුන් දෙදෙනාගෙන් කිසිවකු, පොලිස්පති ධූරය සදහා කිසිසේත්ම සුදුසු නොවන බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාටම චෝදනා එල්ල වී තිබීම ඊට ප්‍රධානම හේතුව බව කාදිනල් හිමිපානෝ පවසති.

පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවත්, ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාවත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙන නඩු තීන්දුවත් උපුටා දක්වමින්, නිලන්ත ජයවර්ධනගේ නුසුදුසු බව තහවුරු කිරීම සදහා කාදිනල් හිමිපානෝ කරුණු දක්වා තිබෙති.

ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාවෙන්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන්ට එරෙහිව විනය පරීක්ෂණයක් කළ යුතු බවට නිර්දේශ කර තිබෙන බවද කාදිනල් හිමි සිහිපත් කරයි.

ඊට අමතරව, බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත් බෝම්බයක් සොයා ගැනීමේ සිදුවීමට අදාලව විමර්ශන වල දී, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නෝක් කටයුතු කළ අත්තනෝමතික, වගකීම් විරහිත සහ අතාර්කික ආකාරයද කාදිනල් හිමියෝ සිය විරෝධතා ලිපියෙන් සිහිපත් කර තිබෙන බව පැවසේ.

කෙසේ වෙතත්, කාදිනල් හිමියන් විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර තිබෙන එකී විරෝධතා ලිපිය සම්බන්ධයෙන් ද මෝර්නිං පුවත්පත කතානායකවරයාගේ අදහස් විමසා ඇති අතර, කතානායකවරයා පවසා ඇත්තේ, එය සම්පූර්ණයෙන්ම නුසුදුසු ක්‍රියාවක් ලෙසයි.

කතානායගේ එම අදහස් දැක්වීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ජාතික සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා අදහස් දක්වා තිබේ.

කාදිනල් හිමියන්ගේ මැදිහත් වීම දේශපාලනික අර්ථයෙන් ගත යුතු නැති බව ඔහු යෝජනා කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාවන්ගෙන් අදාල නිළධාරීන් දෙදෙනාටම එරෙහිව කටයුතු කළ යුතු බවට නිර්දේශ කර ඇති බැවින්, ඔවුන් දෙදෙනාගෙන් අයෙකු පොලිස් පති ධූරයට පත්වුවහොත් එය රටේ ආරක්ෂාවට දැඩි ප්‍රශ්නයක් විය හැකි බව ජූඩ් ප්‍රනාන්දු පියතුමාගේ අදහසයි.

“ඔවුන් දෙදෙනා, 269 දෙනෙක් මැරෙනකල් බලන් හිටියා… ඉතින්, පොලිස්පතිවුවහොත් තනතුරේ රාජකාරිය හරියට කරාවි යැයි අපට සිතිය හැකි ද..?” ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා ප්‍රශ්න කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka