gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිනේෂ් ෂාෆ්ටර් මැරුණාද-මැරුවාද? අවසන් තීන්දුව දෙන්න පංච පුද්ගල විශේෂඥ කමිටුව අද පේරාදෙණියේදී රැස්වෙයි! තීන්දුව හෙට?

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, ව්‍යාපාර නායක  දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද නොඑසේනම් සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධ අවසන් නිගමනය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය  විසින් පත් කළ  පංච පුද්ගල අධිකරණ විශේඥ වෛද්‍ය කමිටුව අද (23) සිය සාකච්ඡා සැසිය පෙරාදෙණිය විශ්වවිද්‍යාලයී වෛද්‍ය පීඨයේ දී ආරම්භ කළහ.
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද සිය දිවිනසා ගැනීමක් ද යන්න සම්බන්ධව බරපතල ගැටලුකාරී තත්ත්වයක් අධිකරණය ඉදිරියේ මතුවී තිබුණු බැවින් ඒ සඳහා විද්‍යාත්මක ප්‍රවේශයකින් තීරණයක් ලබා ගැනීමට අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ  ඉහළම ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්වූ ප්‍රමාණික විද්වතුන්ගේ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස පසුගිය පෙබරවාරි 17 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් කළ නියෝගයක් ප්‍රකාරව මෙම කමිටුව පත් කෙරනි.

මෙම විශේෂඥවරු  ඊයේ සවස මහනුවරට ලඟා වී තිබිණි. ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම අධිකරණ විශේෂඥවරු පස් දෙනාගෙන් සමන්විත මෙම විශේෂඥ මණ්ඩලය මෙතෙක් මෙම මරණය සම්බන්ධව ලැබුණු විද්‍යාත්මක දත්ත ගොනු සහ පර්යේෂණ වාර්තා සමාලෝචනය කරමින් අද සහ හෙට දෙදින තුළ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව පිළිබඳ තියුණු විද්‍යාත්මක විශලේෂණයක් සිදුකරනු ඇත.

මෙම පංචපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුව විසින් කළ ඉල්ලීමකට අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරන ලද දිනේෂ් ෂාෆ්ටර්ගේ දෙවැනි වෝහාරික පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මෙතෙක් ලබාගත් දත්තවලට එපිටින් ඇති විද්‍යාත්මක සාධක පිළිබඳ සොයා බැලීමට රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවටත්  විශ්වවිද්‍යාල මට්ටමේ සහ ඉහළ ප්‍රමිතිගත රසායනාගාර වෙතත් යොමුකර ඇති තොරතුරු පරීක්ෂණ වාර්තා සමාලෝචනය කිරීමක් ද  මේ දෙදින තුළ සිදුකරනු ඇත.

අනතුරුව  දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සිය දිවි නසා ගැනීමක් ද, ඝාතනයක් ද යන්න පිලිබඳ අවසන් නිර්දේශය මෙම පංච පුද්ගල කමිටුව විසින් වෛද්‍ය විද්‍යාත්මක කරුණු මත පදනම්ව අධිකරණය වෙත ලබා දෙනු ඇත.‍

අධිකරණය විසින් නම් කළ මෙම පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට පේරාදෙණිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අධිකරණ විද්‍යා දෙපාර්තමේනතුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය දිනේෂ් ප්‍රනාන්දු, කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ  විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස්, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ අධිකරණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය යූ,සී.ඩි පෙරේරා, මහනුවර ජාතික රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. ශිව සුබ්‍රමනියම්, ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ආර්. රුවන්පුර ඇතුළත් වෙති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka