gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

වැඩබැරි ටාසන්ලා සමග රඟන මෙහෙම ඇමතිකෙනෙක් පොල් පිත්තකින් කපා ගන්නත් පුලුවන්…. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන!

අමාත්‍යාංශය හොර ගුහාවක්... කාමරයකින් කාමරයකට ලිපි ගොනුවක් අරන් යන්නත් රුපියල් 5000ක් ඕන! මෙරට තිබෙන දූෂිත ආයතනය පොලිසිය බව ඇතැමුන්  පැවසුවද එය කරුණු හරිහැටි නොදැන පැවසූවක්  බවත් මෙරට තිබෙන දූෂිතම ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශය බවත්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන  පවසයි.
අමාත්‍යංශයේ එක් කාමරයක සිට තවත් කාමරයකට ෆයිල් එකක් ගෙන යෑමට රුපියල් 5000ක මුදලක් ලබා දිය යුතුව ඇති බව පෙන්වා දෙන වෛද්‍ය බෙල්ලන පවසා සිටින්නේ සෞඛ්‍ය ඇමතිවරයාට හැකිනම් මෙවැනි වංචනික ක්‍රියා නතර කරන ලෙසය.

වැඩබැරි ටාසන්ලා ලංකරගෙන වැරදි උපදෙස් ලබා ගෙන තීන්දු තීරණ  ගන්නා පොල්පිත්තෙන් කපා ගත හැකි ඇමතිවරයෙකුගෙන් පලක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් කිවේය.
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගන්වන  වයස අවුරුදු 63 දක්වා වැඩිකිරීමට ඇමතිවරයා ගත්  උත්සාහය ලැජ්ජා  සහගත  බවත් ඔවුන්ගේ විශ්‍රාම  වයස 63 කළ පමණින් ඇමතිවරයා ගේන බාල  ඖෂධ වෙනුවෙන් ඔවුන් පෙනී නොසිටින බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේය.

බාල ඖෂධ රෝගීන්‌ට දී ඔවුන්ගේ ජීවිතවලට  සිදුවන හානිය පියවා ගැනීමට වන්දි ගෙවන බව  සෞඛ්‍ය ඇමතිවරයා සඳහන් කර ඇතැයි පවසන වෛද්‍ය බෙල්ලන එසේ වන්දි ගෙවන්නේ නම් අපේ සල්ලි වලින්න වන්දි ගෙවීමට කටයුතු නොකරන ලෙසත් අදාල ඖෂධ සමාගම්වලින් ඒ වන්දි මුදල් ඉල්ලා ගන්නා ලෙස අමාත්‍යවරයාට යෝජනා කළේය.


මෙරටට ඖෂධ ‌ගෙන ඒමට මුදල්වල කිසිදු හිඟයක් නොමැති නමුත් ඇත්තේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතා පමණක් යැයිද හෙතෙම පවසා සිටියි.
ජාතික ඖෂධ අධිකාරියේ ඉහළ නිලධාරියාගේ සිට පහළ නිලධාරියා දක්වා දූෂණයට වංචාවට අල්ල්සට ගිජු වූවන් බැවින් මුලින්ම ඉහළ සිට පහලට පිරිසිදු කිරිම ආරම්භ කළ  යුතුයැයිද වෛද්‍ය බෙල්ල පෙන්වාදේ.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka