gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

UNP එකේ Quantity අඩු වුනත් Quality නියමයි… රනිල්ට 70ක් වුනත් Thinking කොල්ලෙක් වගේ - අකිල කියන කියපු කතාව

කොන්ටිටි ය අඩු වුණත් එජාපයේ කොලිටිය අඩු නැතැයි එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්   පවසයි.
අද ඇතැම් පක්ෂ වල කොන්ටිටි ය වැඩි වුණත් කොලිටි ය අඩු යැයි ද  ඔහු කියයි.
 
ගලගෙදර ආසන බල මණ්ඩල රැස්වීමේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේය. 
වැටී තිබුණු රට පිලී ගත කර  ජනපතිවරයා ඉතා අමාරුවෙන් ඉදිරියට රැගෙන යත් දී ඇතැම් පිරිස් පීලි පැන්නීමට උත්සාහ කරන බවත් මෙය ජනතාව තේරුම් ගැනීම වැදගත් බවත් කාරියවසම්  පැවසුවේය.

ඉදිරි වසරක කාලය තුළ ජනපතිවරණයක් පැවැත්වෙනු ඇති බවත් එහි දී රනිල් වික්‍රමසිංහ   ජයග්‍රහණය කරවීමට සියලු බලවේග ඒකරාශි කරගත යුතුය තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.
 
වයස අවුරුදු 70 ක් වුවත් රනිල් වික්‍රමසිංහ තරුණයෙකු මෙන් අනාගතය දැක ඒ සඳහා වැඩ කරන නායකයෙකු බවත් මේ රටේ බංකොලොත් දේශපාලන පක්ෂවලට අවශ්‍යය වී තිබෙන්නේ එතුමා ගේ වැඩපිළිවෙළ අවුල් කිරීමට බවත් එජාප උප නායකයා කීය.

ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව කිසිදු අධ්‍යන්‍යයක් නොකර ඇතැම් වෘත්තිය සමිති දේශපාලන පක්ෂවල උසි ගැන්වීම මත විරෝධතා දියත් කරන බවත් විශ්වවිද්‍යාල සිසුන් ද කරුණු හරිහැටි නොැදන මේවාට සහය ලබාදෙන බවත් ඔහු කීය.

මේ රටට අවශ්‍යය දැවැන්ත වෙනස් කම් කළ හැකි හොඳම නායකයා මේ වනවිට ජනපති පුටුවේ වාඩිවී සිටින බැවින් රට ගැන සිතා ඔහු ගන්නා ඇතැම් තීරණ ආපසු හැරවීමට බංකොලොත් දේශපාලන පක්ෂ නියෝජිතයින් නොයෙක් ආකාරයෙන් උත්සහ ගනිමින් සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.

ලංකාසර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka