gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රට පුරා ඉන්දන පෝලිම් රැසක්... යළිත් දිගු ඉන්දන හිගයක් ද? ඇමති කංචනගෙනුත් ප්‍රකාශයක්!

මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පැවසූ අතර අතිකාල වියදම් අඩුකිරීමේ අරමුණ සහිතව පසුගිය මාස 4ක කාලය තුළදී රජයේ නිවාඩු දිනවල සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ක්‍රියාත්මක නොවුණා.

මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ඉන්ධන මිල අඩුවීමේ බලාපොරොත්තුව සහිතව ඇතැම් ඉන්ධන පිරවුම්හල් පසුගිය සෙනසුරාදා සිට ඉන්ධන ඇනවුම් සිදුනොකිරීම සහ අවම තොග පවත්වාගෙන නොයාම හේතුවෙන් මේ වනවිට ඉන්ධන පිරවුම්හල් වල හිඟයක් නිර්මාණය වී ඇති බවයි. එසේම ඉන්ධන කෝටාව ඉහළ දැමීමත් සමඟ ක්ෂණිකව ඉන්ධන පාරිභෝගිකයින්ගේ ඉල්ලුම ඉහළ යාමද මෙලෙස ඉන්ධන හිඟයක් ඇතිවීමට හේතුවී තිබෙන බව අමාත්‍යවරයා පවසනවා.

කෙසේ වෙතත් ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාන් ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා IOC සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ,

මේ අතර අමාත්‍යවරයා සඳහන් කළේ අලෙවි නියෝජිතයින් විසින් සියයට 50ක අවම ඉන්ධන තොගයක් සෑම විටම පවත්වාගෙන යායුතු වන අතර ඒ ආකාරයෙන් කටයුතු නොකරන ඉන්ධනහල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙස ඛනිජ තෙල් සංස්ථාව වෙත තමා දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත් මේ වනවිට කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල මේවන විට දිගු පෝලිම් දක්නට ලැබෙන බව අප වාර්ථාකරුවන් සදහන් කලා. එමෙන්ම උදෑසන සිටම මේ හේතුවෙන් රථවාහන තදබදයක්ද ඇතිව තිබෙන බවයි වාර්ථා වන්නේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka