gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බුදුන් ගංජා ගහනවා කියු දිලිත් ජයවීර අත්අඩංගුවට ගන්නැයි කියයි

බුදුන් වහන්සේ ගංජා ගසා ඇතැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර අත්අඩංගුවට ගත යුතු බව රැුඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය නම් සංවිධානය සඳහන් කරයි.

එහි ප්‍රකාශකයෙකු වන ධානිෂ් අලී කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

මේ අතර බුදුන්වහන්සේ සහ සිද්ධාර්ථ චරිතය සම්බන්ධයෙන් මීට කලකට පෙර පළ කළ අදහස් පිළිබඳව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා අදහස් පළ කරයි.

වැලිකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික වැඩසටහනක් අමතමින් හෙතෙම කියා සිටියේ තමන් එදා සිද්ධාර්ථ චරිතය ගැන අදහස් පළ කළේ එහි සිටි ප්‍රේක්ෂක පිරිස අනුව බවයි.

තමන් පරමාදර්ශී චරිතයක් ලෙස සිද්ධාර්ථ චරිතය ගෙන දක්වන බවද හෙතෙම කියා සිටියේය.

බුදුන් වහන්සේ සම්බන්ධයෙන් ඒ ඒ පුද්ගලයාට කැමති අර්ථ නිරූපණයක් දීමට එම දහම් තුළම නිදහස ඇති බවද පැවසූ ඔහු ඒ බව බුදුන් වහන්සේගේ පැවැත්ම තුළම විවිධ සූත්‍ර තුළ ම ඔප්පු කර ඇති බවත් කියා සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka