gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රාජ්‍ය අනුග‍්‍රහය නෑ.. පොසොන් උත්සවය ඕනෑමයි… මිහින්තලා හිමි ආධාර ඉල්ලා පිණ්ඩපාතේ වඩිති!

මෙවර පොසොන් පොහොය කාල සීමාවේ මිහින්තලේ පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය ලබා නොදීමට රජය තීරණය කර ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසයි.

එනිසා පිණ්ඩපාත චාරිකාවක් වැඩමකොට දානපතියන් ගෙන් උපකාර ලබාගෙන මිහින්තලේ පොසොන් උත්සවය සිදුකරන බවද උන්වහන්සේ කියා සිටියහ.

ඒ අනුව එම පිණ්ඩපාත චාරිකාව හෙට දිනයේ මිහින්තලය නගරයෙන් ආරම්භ කරන බවද පැවසූ උන්වහන්සේ සමස්ත ලෝක වාසී බෞද්ධ අබෞද්ධ සියලුම ශ්‍රී ලාංකිකයන්ට මේ සඳහා හැකි අයුරින් ආධාර කරන ඉල්ලා සිටින බවද කියා සිටියහ.

පොසොන් සමයේ මිහින්තලයේ පූජා භූමිය ආශ්‍රිත ප්‍රදේශයන්හි තිස් ලක්‍ෂයකට වැඩි පිරිසක් වන්දනාවේ එන බවත් ඔවුනට පහසුකම් සැලසීම යුතුකමක් යයිද උන්වහන්සේ තව දුරටත් පැවසූහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka